සහල් කිලෝවක් රු.100 ට අඩු මුදලකට - බන්දුල

Published in පුවත්
Thursday, 04 November 2021 09:16

ඉදිරි සති දෙක ඇතුළත සහල් කිලෝවක් රුපියල් සියයකට අඩු මුදලකට මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකිවනු ඇති බව ඊයේ (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර ඇත.

මේ වනවිට ආනයනික සහල් තොග සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැර අවසන්ව ඇති බව අමාත්‍යවරයා පවසා තිබේ.

ඒ අනුව ආනයනික පළමු නාඩු සහල් තොගය මේ වනවිට ලංකාව පුරාම සතොස වෙළෙඳසැල් වෙත බෙදාහැරලා අවසන් අතර එක් පාරිභෝගිකයෙකුට කිලෝවක් රුපියල් 99ක මිලකට සහල් කිලෝ 5ක් ලබා ගත හැකි බව අමාත්‍යවරයා පවසයි.

“අනෙකුත් වර්ගවල සහල් ද රජය මැදිහත්වෙලා ගේනවා. ඒ අනුව ඉදිරියේදී ලැබෙන තොග සමග අනෙකුත් වෙළෙඳසැල් වෙතත් බෙදාහරිනවා. ඊයේ මුදල් ඇමතිතුමා තීරණයක් ගත්තා වෙළෙඳපොළ සහල් මිලට දැනෙන බලපෑමක් ඇති කරන්න පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ටත් දෙසැම්බර් 31 වෙනකම් සහල් ආනයනය කරන්න ඉඩ දෙන්න. මේ නිසා ඉදිරියේදී වෙළෙඳපොළ සහල් මිල රුපියල් 100ට වඩා පහළට එයි.”යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර සතොස මගින් අද (04 වැනිදා) සිට සහල් සහ සීනි පමණක් පාරිභෝගිකයකුට නිකුත් නොකරන බවත් අඩුම වශයෙන් භාණ්ඩ වර්ග පහක් මිළට ගත යුතු බවත් අමාත්‍යවරයා ඊයේ මාධ්‍ය හමුවේදී පවසා තිබේ.

දුප්පත් නිවසක වුවත් සහල් සහ සීනි පමණක් පාවිච්චි නොකරන බවද කී ඔහු ඇතැම් ජාවාරම්කරුවන් කහ, සහල් සහ සීනි අඩු මිලට සතොසින් ලබාගෙන වැඩි මිලට පිටත විකුණන නිසා මෙම ක්‍රියා මාර්ගය ගත් බව කීවේය. ඒ අනුව අද සිට සතොස රිසිට් පතක මිල අඩු කළ තනි භාණ්ඩයක් හෝ දෙකක් නොතිබිය යුතු බවද සදහන් කර ඇත.

වෙළඳපොළ මිල අඩු වනතුරු සීමාවකින් තොරව සහල් ආනයනය කරන බවද කී ඇමැතිවරයා සහල් පාලනය සඳහා ගත් ක්‍රියා මාර්ග අසාර්ථකවූ බැවින් පළමු නාඩු සහල් තොගය ආනයනය කර මේ වන විට සතොස ශාඛා වෙත බෙදා හැර ඇතැයි එක් පාරිභෝගිකයකුට කිලෝ පහ බැගින් රුපියල් අනූ නවයක මිලට ලබා ගත හැකි බවද පැවැසුවේය.

ඉන්දියානු පකිස්තානු හා බුරුම මහ කොමසාරිස්වරුන් සමග සාකච්ඡාකර අනෙකුත් සහල් තොගද ආනයනය කිරීමට කටයුතු කරන බවද ඒවා සතොස හරහා සහන මිලට බෙදා හරින බවද අමාත්‍යවරයා පවසා තිබෙන බව වරත වේ.. සුදු සීනි රුපියල් එකසිය විසි දෙකකට එක් පාරිභෝගිකයෙකුට කිලෝ දෙකක් සහ දුඹුරු සීනි රුපියල් එකසිය විසි පහ බැගින් කිලෝ තුනක් එක් පාරිභෝගිකයෙකුටත් ලබා ගත හැකි බවද ඔහු වැඩි දුරටත් පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us