අගමැතිවරයා සතු පරිණත නායකත්වය අගය කරනවා - දයාසිරි

Published in පුවත්
Friday, 05 November 2021 09:43

සන්ධාන ගත වූ පක්ෂ සමඟ ඉදිරියට යාමට අග්‍රාමාත්‍යවරයා සතු පරිණත නායකත්වය අගය කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා.

බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා.

ලක්සල වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරයක් චීනයේ ආරම්භ කිරීම සදහා වූ ගිවිසුම් අත්සන් තැබීම බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේ පිහිටි ලක්සල ප්‍රදර්ශනාගාරයේදී සිදු වුණා. ලක්සල වෙනුවෙන් එහි සභාපති නීතිඥ ලක්මාල් වික්‍රමාරච්චි මහතා සහ සාලාග්ලෝබල් පුද්ගලික සමාගම වෙනුවෙන් අර්ජුන දිසානායක මහතා මෙම ගිවිසුමට අත්සන් කළා. චීනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ආචාර්ය පාලිත කොහොන මහතාද සූම් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට එක් වුණා.
මෙම ප්‍රදර්ශනාගාරය මගින් පාරම්පරික හස්ත කර්මාන්තකරුවන්ගේ නිර්මාණ, බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි, තේ, කුළුබඩු, ආයුර්වේද නිෂ්පාදන මෙන්ම දේශීය රූපලාවන්‍ය නිෂ්පාදනද චීනය තුළ ප්‍රවර්ධනයට සැලසුම් කර තිබෙනවා. මෙලෙස විවෘත කෙරුණේ පස්වන ලක්සල ජාත්‍යන්තර වරලත් අලෙවි නියෝජිත ප්‍රදර්ශනාගාරයයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us