‘මොල්නුපිරවීර්’ ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතයට අවශ්‍ය නිර්දේශ ඉදිරි සතියේ - චන්න ජයසුමන

Published in පුවත්
Saturday, 06 November 2021 10:55

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර සඳහා යොදා ගත හැකි අමෙරිකාවේ නිෂ්පාදිත ‘මොල්නුපිරවීර්’ (Molnupiravir) ඖෂධය ශ්‍රී ලංකාවේ භාවිතය සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරි සතියේදී ලැබෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය සඳහා මේ ඖෂධය ඉදිරිපත් කළද මෙතෙක් අනුමැතිය ලැබී නැති බවයි ඇමතිවරයා පවසන්නේ.

මේම ඖෂධය සඳහා අනුමැතිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලබා ගැනීමට ඔක්තෝබර් 11 දා ලිඛිත දැනුම් දීමක් කර ඇති බවත් අමෙරිකානු මර්ක් සමාගමේ නිෂ්පාදනයක් වන මේ ඖෂධය සම්බන්ධයෙන් නිර්දේශය ඉතා ඉක්මණින් ලැබෙනු ඇති බවත් ඇමැතිවරයා පවසා ඇත.

මේ ඖෂධය ශ්‍රී ලංකාව තුළ භාවිතයට ගත යුතුද, එසේ නම් ඒ කවර දිනකද, කුමන ඖෂධ ප්‍රමාණයක් ගෙනා යුතුද යනාදිය සම්බන්ධයෙන් විමසමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් 19 රෝගය පිළිබඳ විශේෂඥ කමිටුවේ මතය කඩිනමින් ලබා දෙන ලෙස ඊයේ (5) නැවතත් ඉල්ලීමක් කළ බව ඇමැතිවරයා කියා තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us