කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහි විරෝධතා උද්ඝෝෂණ පැවැත්වීමේ නව වැඩපිළිවෙළක් පශ්චාත් කෝවිඩ් වකවානුවට ගැළපෙන අයුරින් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට එක්සත් ජාතික පක්ෂය සැලසුම් කර තිබේ.

ආණ්ඩුවට එරෙහිව එජාපය විරෝධතා පාන්න සූදානම් වෙයි !

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කෙරවලපිටිය යුගදනවි බලාගාරය සම්බන්ධ ගිවිසුම පිළිබඳ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල නායකයින් දැනුම්වත් කර තිබේ.

පාස්කු ඉරුදින ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී විපතට පත් පවුල් 19 කට නිවාස ලබාදීම අද (28) පස්වරුවේ සිදුවිය.

ඇවන්ට් ගාර්ඩ් අධිපති නිශ්ශංක සේනාධිපතිගේ වත්කම් පිළිබද පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමට පැමිණිලි කිරීමට චම්පික රණවකගේ 43 සේනාංකය නමින් වන සංවිධානයක් පසුගියදා කටයුතු කරනු ලැබීය.

මේ වන විට රසායනික පොහොර තහනම් කර තිබූවද , පසුගිය කාළයේ ලංකාවට ආනයනය කර ඉතිරි වී තිබූ යූරියා මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් වෙත ලබා දීමට අවශ්‍යය කටයුතු ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා කෘෂිකර්ම අමාත්‍යයතුමන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පිහිටි එතුමාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ජාවකදීය,

ජාත්‍යන්තර ගුවන් සමාගම් පහක් ශ්‍රී ලංකාව සමඟ අලුතින් ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ වසර අවසන් වීමට පෙර මෙම නව ගුවන් ගමන් ආරම්භ කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

සිරකරුවන්වීම නිසා රෝගීන්ට වෙනස්කොට සැලකීම ගැන කතාවක් !

1897 අංක 03 දරන නිරෝධායන හා රෝග වැළැක්වීමේ ආඥා පනතේ ප්‍රතිපාදන අනුව, කොවිඩ් රෝගයට ගොදුරුවන සිඟන්නාගේ පටන් කෝටිපතියන් දක්වාවු සියලු රෝගීන් සම වරප්‍රසාද ලැබීමට හිමිකරුවෝය.

තිරසර නයිට‍්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප‍්‍රකාශනය මගින් වසර 2030 වන විට නයිට‍්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප‍්‍රමාණය අඩකින් අඩු කිරීමට ශ‍්‍රී ලංකාව උත්සාහ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා තිබේ.

Connet With Us