අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් මෙම 21 වැනිදා පාසල්වලට වාර්තා කිරීම මත යැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමේ සියලු කටයුතු මේ වනවිට අවසන් කොට ඇති බවත්, මේ වසර අවසානය වනවිට එය රට හමුවේ තැබිය හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.

මේම මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සදහන් කර තිබේ.

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකා සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කර තිබේ.

අද වන විට ඉතා සංකීර්ණ සහ වේගවත් ජීවන රටාවකට ජනතාව අවතීර්ණය වී සිටීම නිසා රටක යටිතල පහසුකම් ඉහළ මට්ටමක නොතිබුණහොත් එය රටේ සංවර්ධනයට බාධාවක් වීම නොවැලැක්විය හැකියි.

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ගුරු විදුහල්පති වැ‍ටුප් විශමතාවය දුරලීම සඳහා රජයට ලබා දිය හැකි උපරීම විසඳුම ලබා දුන් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

එළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

Connet With Us