ආණ්ඩුවේ පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනපති ප්‍රතික්ෂේප කරයි !

Published in පුවත්
Monday, 18 October 2021 14:25

යුගදනවි බලාගාරය සම්බන්ධයෙන් අමෙරිකා සමාගමක් සමග අත්සන් කළ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීමට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් කළ ඉල්ලීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකානු සමාගමකට ලබාදීමේ ගිවිසුම පිළිබඳව විපක්ෂයෙන් මෙන්ම ආණ්ඩු පක්ෂයෙන්ද විරෝධයක් එල්ල වුණි.

ඒ අනුව මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසට ආණ්ඩුවට සහය දක්වන පක්ෂ 11ක් ලිඛිතව ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලැබීය. ඒ, සැප්තැම්බර් 21 වැනිදාය.

එම ලිඛිත ඉල්ලීම සිදුකර තිබුණේ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, අපේ ජන බල පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික කොංග්‍රසය, එක්සත් මහජන පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා මහජන පක්ෂය හා යුතුකම ජාතික සංවිධානය විසිනි.

යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් අමෙරිකානු සමාගමකට ලබාදීම සඳහා වන ගිවිසුම යළි සාකච්ඡා කළ යුතු බවත්, විධිමත් අධ්‍යනයකින් පසු විධිමත් ටෙන්ඩර් පටිපාටියක් යටතේ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු බවත් එම ලිපියෙන් ජනාධිපතිවරාගෙන් ඉල්ලා තිබුණි.

එමෙන්ම එම ගිවිසුම හරහා ගෑස් මඟින් විදුලිය නිපදවීමේ ඒකාධිකාරිය එක් සමාගමකට හිමිවීම රටේ ස්වාධීනත්වයට අනතුරක් බවද එම ලිපියෙන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම දේශපාලන පක්ෂ නියෝජිතයින්ට ලිඛිතව ප්‍රතිචාර දක්වා ඇත.

එහි සඳහන් කර ඇත්තේ, මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයේදී හෝ ආණ්ඩු පක්ෂ රැස්වීමකදී සාකච්ඡා කිරීම වඩාත් යෝග්‍ය බවය.

එමෙන්ම, මුදල් අමාත්‍යාංශ ලේකම් හා විදුලිබල නිලධාරීන්ට ඔවුන්ව මේ පිළිබඳව දැනුවත් කිරීමට උපදෙස් ලබා දෙන ලෙසද එම ලිපියේ සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන තීන්දු හා තීරණ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් පක්ෂ නායක, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෝ පක්ෂයේ ජාතික සංවිධායක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කිරීමට පියවර ගන්නා ලෙසටද ජනාධිපතිවරයා විසින් එම පක්ෂ නායකයින් වෙත යොමුකළ ලිපියේ සඳහන් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එවන් පසුබිමක එම දේශපාලන පක්ෂ නායකයින් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට ලබන 23 වැනි සෙනසුරාදා රැස්වීමට නියමිතය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us