නැවතත් යථාතත්වයට පත්වෙන සංචාරක කර්මාන්තය !

Published in පුවත්
Monday, 18 October 2021 15:05

මේම මස මුල් සති දෙක තුළදී සංචාරකයන් 7000 කට වැඩි පිරිසක් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය සදහන් කර තිබේ.

කොරෝනා හේතුවෙන් බිඳ වැටුණු සංචාරක කර්මාන්තය දැන් ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් පවතින බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ඒ අනුව මෙම වසරේ ජනවාරියේ සිට මේ දක්වා සංචාරකයන් 45,413 ක් මෙරටට පැමිණ ඇති අතර ඉන් 7,096 ක් ඔක්තෝබර් 01 සිට ඔක්තෝබර් 13 දක්වා පැමිණ ඇත. ඉන්දියාව, කසකස්තානය, ජර්මනිය, යුක්රේනය, ඇමරිකා එක්සත් ජනපදය, චීනය, කැනඩාව, ප‍්‍රංශය සහ රුසියාව යන රටවලින් මෙම සංචාරකයන් දිවයිනට පැමිණ තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එය ගෙන ආවේ සුළුපටු හානිකර තත්ත්වයක් නොවේ. අපේක්ෂිත වූ සංචාරකයන්ගේ පැමිණීමේ ප්‍රතිඵල ඒ අයුරින්ම ලබාගැනීමට නොහැකි වීමෙන් සංචාරක හෝටල් හිමියන් මෙන්ම ඒ ආශ්‍රිත රැකියා කරා යොමුව සිටින්නන් ද බරපතළ ගැටලු රාශියකට මුහුණ දුන්හ. පෞද්ගලික වශයෙන් ඔවුන් එයට මුහුණ දුන්න ද අවසන් වශයෙන් එම ගැටලුව බාර වූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයටය. 2018 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයන් ප්‍රමාණය මිලියන 2.33 ක් වන අතර, ඔවුන් මෙරටට රැගෙන ආ විදේශ විනිමය ප්‍රමාණය දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4.5 කට ආසන්නය. නමුත් ඉන්පසු වසරේදී පාස්කු ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම අහිමිව ගිය අතර, 2020 වසර තුළ ද සිදුවුණේ ඒ හා සමානවම කොවිඩ් වසංගතයෙන් අප රටට ලැබිය යුතු ආදායම් මාර්ග ඇහිරී යෑමය. එහෙත් වත්මන් ආණ්ඩුව මෙවන් වසංගත තත්වයක් තුළ ජනතාවගේ ජිවිත පිළිබදවද වගකීමෙන් කටයුතු කරමින් රටේ සංචාරක කර්මාන්තය යථා තත්වයට ගනිමින් ඇති බව පෙනී යයි. මෙය රටක් ලෙස මෙන්ම රටක ජනතාව ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකිය හැකිය.

-පංචාලි

note

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us