43 වසරක් පට්ට ගැසු ජේ.ආර්.ගේ ව්‍යවස්ථාව අහෝසියි ! ‌ මාස 2කින් අලුත් ව්‍යවස්ථාවක්! Featured

Published in පුවත්
Monday, 18 October 2021 18:52

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව නව ව්‍යවස්ථාවක් හදුන්වා දීමේ සියලු කටයුතු මේ වනවිට අවසන් කොට ඇති බවත්, මේ වසර අවසානය වනවිට එය රට හමුවේ තැබිය හැකි බවත් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කළේය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පෙන්වා දුන්නේය.

‘අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් පැහැදිලිව ප්‍රතිඥාවක් අපේ රටේ ජනතාවට ලබා දුන්නා. එය අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරලා ක්‍රියාත්මක කරනවා කියලා. අද පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් වුණේ ජේ.ආර්.ජයවර්ධන යුගයේදීය. දැන් අවුරුදු 43 ක් ගතවෙලා තිබෙනවා. ඒ දශක 4 ½ තුළ අපේ සමාජය සෑම ආකාරයකින්ම දැඩි විපර්යාසයකට භාජනය වෙලා ගියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටේ උත්තරීතර නීතියයි. සමාජයේ ස්වභාවය, සමාජයේ අවශ්‍යතා වෙනස් වන විට ඊට සරිලන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුතුයි.ඒක ව්‍යාකූල කර්තව්‍යයක්. එය කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා මේ රටේ ප්‍රසිද්ධම නිතීඥයන් හා විද්වතුන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළා. එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති නිතීඥ රොමේෂ් ද සිල්වා මැතිතුමා. දැන් ඒ කමිටුව අභිනව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සකස් කරලා තිබෙනවා. අපි බලාපොරොත්තුවෙනවා මේ අවුරුද්දේ අවසානයේදි එය රජයට ඉදිරිපත් කිරීමට පුළුවන් තත්වයක් තිබෙනවා කියලා.

ගරු බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමාගේ මංගල අයවැය ලේඛනය ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා නොවැම්බර් 12 වෙනිදා. ඒ පිළිබඳ අවසාන ඡන්දය පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 වෙනිදායි. ඒ අනුව අලුත් අවුරුද්දේ, එනම් 2022 ජනවාරි මාසයේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවවස්ථාවට අවධාරණය යොමු කිරීමට ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවට අවස්ථාව ලැබෙනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us