අභ්‍යාසලාභී උපාධිධාරීන් 21 පාසැල් වලට වාර්තා කිරීම අනිවාර්ය වේ !

Published in පුවත්
Tuesday, 19 October 2021 10:20

අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇති අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කිරීම හෝ නොකිරීම පිළිබඳව තීරණය කරන්නේ ඔවුන් මෙම 21 වැනිදා පාසල්වලට වාර්තා කිරීම මත යැයි රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි පවසා තිබෙනවා.

එලෙස නොපැමිණෙන පිරිස් සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන් බවද ලේකම්වරයා සඳහන් කරයි.

රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන් අතරින් අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර සිටින දහඅටදහසක් වන උපාධිධාරීන් සියලුදෙනාම මෙම 21 වැනිදා තමන් සේවය කරන පාසල් වෙත අනිවාර්යෙන්ම යා යුතු බව ලේකම්වරයා පසුගියදා උපදෙස් දී තිබිණි.

කෙසේ වෙතත් එම උපදෙස් නොපිළිපදින අයකු සිටි නම් ඔවුන් සේවයේ ස්ථිර කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බවද පැවසේ.

රාජ්‍ය සේවයට බඳවා ගන්නා පිරිස් සිය සේවයේ ස්ථිර කිරීමටත් පෙර ලබා දෙන උපදෙස් නොපිළිපදින්නේ නම් එම පිරිසගෙන් කිසිඳු ඵලක් නැති බව රාජ්‍ය සේවා, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි අවධාරණය කර සිටී.

මේ අතර පාසල් ආරම්භ කෙරෙන මුල් දින දෙකේ දී ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වර්ජනය ක්‍රියාත්මක වුව ද පාසලට පැමිණෙන දරුවන්ගේ කටයුතු කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ස්ප්‍රකෂ කර ඇත.

-පංචාලි අබේසේකර

Last modified on Tuesday, 19 October 2021 10:21

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us