පාසැල් දරුවන්ට එන්නත් ලබාදීම අඛණ්ඩව !

Published in පුවත්
Monday, 18 October 2021 13:51

පාසල් දරුවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.

කොළඹ නාලන්දා විද්‍යාලයේ සිසු දරුවන් සඳහා එන්නත් ලබාදීම අද දිනයේත් සිදු කෙරෙනවා. වේලාවන් වෙන් කර දී තිබීම හේතුවෙන් කිසිදු තදබදයක් නොමැතිව එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන ආකාරය දැකගත හැකි වූ බවයි වාර්තා වෙන්නේ.

වයස අවුරුදු 18 ත් 19 ත් අතර පාසල් ළමයින් සඳහා එන්නත් ලබාදීම මහරගම මධ්‍ය මහා විද්‍යාලයේදී ද තුන්වන දිනටත් අද සිදු කෙරෙනවා. ළමයින් ඉතා උනන්දුවෙන් ඒ සඳහා සහභාගී වන බවත් සදහන්.

මේ අතර ශ්‍රී ලංකාව විසින් මිලදී ගනු ලැබු තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට රැගෙනවිත් තිබේ. එන්නත් මාත්‍රා 608,000ක් අද (18) අලුයම දිවයිනට රැගෙන ආ බව ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව විසින් මිලදිගැනීම සඳහා ඇණවුම් කර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50න් ලක්ෂ 10ක් මීට පෙර ලැබී තිබු අතර ඉතිරි එන්නත් ලක්ෂ හතළිහේ පළමු තොගය මෙලෙස අද දිනයේ ශ්‍රි ලංකාව ලැබුණු බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us