ගුරු වර්ජනයත් අවසන් ! 21 බැහැ 25 එනවා - ගුරු - විදුහල්පති වෘත්තීය සමිති

Published in පුවත්
Monday, 18 October 2021 12:17

රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කර තිබේ.

කෙසේ වෙතත් ලබන 25 වැනිදා සිට තමන් පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව එම සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.

වැටුප් විෂමතාව විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා ගුරු විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම් කටයුතුවලින් ඉවත්ව ආරම්භ කළ වැඩ වර්ජනයට අදට දින 99 ක් ගත වී තිබේ.

එවන් පසුබිමකදී එළඹෙන 21 වැනිදා සිට සිසුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය මේවන විටත් තීරණය කර අවසන්ය.

ඒ අනුව 21 වැනිදා පාසල් ආරම්භ වීමත් සමග ඉගැන්වීම් කටයුතු සඳහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු, සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන්,

"ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කළා පැහැදිලි තීරණයක් ගත්තා, රජය විසින් මේ බලධාරීන් විසින් කැඳවන දිනයක් වු 21 හා 22 වනදා සිසුන් 200කට අඩු පාසල්වල සේවය කරන ගුරු සහ විදුහල්පතිවරුන් සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ ක්‍රියාමාර්ගයක්.

හැබැයි අපි ආරාධනා කරනවා ගෞරවයෙන්, අපේ විදුහල්පතිතුමන්ලා ට ගුරුභවතුන්ට 25 වනදා පාසලට වාර්තා කරලා, ඔබේ ඉගැනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඉතාමත් ම කඩිනමින් සිදුකරලා මේ රටේ දරුවන්ගේ අනාගතය පාදන්න කියලා. ඒත් එක්කම මේ රටේ පාලකයෝ හිතනවා නම්, පොලිස් ඇමතිවරයා හිතනවා නම් ඔවුන්ගේ ඉල්ලීමට නෙමෙයි අපි පාසල් අරින්නේ. ඒ නිසා අපි පාසල් අරිනවා, අපි පාසල් එනවා. ඇවිල්ලා අපි සක්‍රීයව වැඩ කරනවා. හැබැයි එතැනින් නවතින්නේ නෑ. අපේ පළමු පියවර අමාත්‍ය අනුකමිටුව විසින් නිර්දේශ කරන ලද වැටුප් පියවරයන් එක පියවරක් ලෙස එකවර ගෙවන්න. ඒ වගේම සුබෝධනී වාර්තාව ක්‍රියාත්මක කරන්න. ඒ දක්වා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදෙමින් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල යෙදෙනවා කියන එක මේ රටේ පාලකයින් ට කියන්න ඕනේ. " යනුවෙන් සදහන් කර ඇත.

ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකියි - ජී.එල්. පීරිස්

මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය තුළ රජයේ සියලු ආදායම් විශාල වශයෙන් අහිමි වී ඇති මොහොතක ගුරු - විදුහල්පති වැටුප් අර්බුදය සඳහා දැනට ලබාදී ඇති විසඳුමට වඩා වැඩි සහනයක් ලබාදිය නොහැකි බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි අමාත්‍යවරයා ගුරු - විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටියේ දැනට ලබාදී ඇති විසඳුම පිළිගෙන එළඹෙන 21 වනදා පාසල් වෙත පැමිණිමට කාරුණික වන ලෙසය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා,

"අපේ රටේ පාසල් දීර්ඝ කාලයකට පසු විවෘත වනවා මේ සතියේ 21 වන බ්‍රහස්පතින්දා. විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නයේ දී අපි කවුරුත් පිළිගත්තා වැටුප් ප්‍රමාණවත් නෑ, ඒ සම්බන්ධයෙන් වැටුප් වර්ධනයක්, වෙනසක් වියයුතුයි කියලා. ඉතින් මේ ප්‍රශ්නය විසඳීමට අපේ රජය උපරිම උත්සහය ගත්තා. හැබැයි මුළු රට ම දන්නවා ආර්ථික වශයෙන් කවදාවත් නොතිබුණ දුෂ්කරතා මධ්‍යයේ රජයට තිබෙන ආදායම් මාර්ග සම්පූර්ණයෙන් හිඳිලා වගේ තිබෙන අතිශ්‍යයින් අසීරු තත්ත්වය තුළ උපරිම සහනය අපේ රජය ලබාදුන්නා. මමත් ගුරුවරයෙක් පුළුවන් නම් තව දෙන්න අපි කැමතියි. හැබැයි අද පවතින තත්ත්වය තුළ මෙයින් එහාට යන්න බැරි බව මම හිතන්නේ අපේ රටේ හැමෝම දන්නවා. මේක තමයි ලබාදෙන්න පුළුවන් උපරිමය අදියර කිහිපයකින්. ඒ නිසා අපි ඉතාමත් ඕනෑකමින් කරුණාවෙන් අපි ඉල්ලා සිටිනවා සියලුම විදුහල්පතිවරුන්ගෙන් ගුරුවරුන්ගෙන් තව තව මේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාවැටීමට ඉඩනොදී මේ විසඳුම පිළිඅරගෙන 21 වනදා අපේ පාසල් විවෘත වන විට කරුණාකරලා පාසල්වලට පැමිණිලා මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට කටයුතු කරන්නැයි යන ආයාචනය අපි ඉතාමත් නිහතමානිව කරනවා."

-පංචාලි අබේසේකර

Last modified on Monday, 18 October 2021 12:39

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us