රැදවියන් සදහා දෑත් පිරිසිදු කාරක දියර තහනම් කෙරේ !

Published in පුවත්
Monday, 18 October 2021 11:31

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ, දෑත් පිරිසිදු කිරීම සඳහා රැඳවියන්ට සබන් ලබාදීමට පියවර ගෙන ඇති බවය.

අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් බන්ධනාගාර නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ රැඳවියෙකුට දෑත් පිරිසිදුකාරක දියර භාවිත කිරීමට අවසර හිමිවන බව චන්දන ඒකනායක මහතා සඳහන් කර ඇත.

පසුගිය දා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටි ඉරාන ජාතික සැකකරුවන් පිරිසක් දෑත් පිරිසිදු කාරක දියර පානය කර ඇති අතර එහිදී සැකකරුවන් දෙදෙනෙකු මියගොස් ඇත.

අදාළ සිද්ධියෙන් අනතුරුව රැඳවියන් සඳහා දෑත් පිරිසිදුකාරක දියර භාවිතය තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මේ අතර දෑත් පිරිසිදු කාරක දියර පානය කිරීමෙන් මියගිය ඉරාන ජාතිකයින් දෙදෙනාගේ මෘතදේහයන් ඔවුන්ගේ ඥාතීන්ට භාරදීමට පියවර ගනිමින් සිටින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

සතියක් තුළ එම මෘතදේහයන් ඔවුන්ගේ ඥාතීන් ගෙන්වා භාරදීමට පියවර ගන්නා බව ඉරාන මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us