ගුරුවරුන්ට සාධාරණ විසඳුමක් දුන්නා - අගමැති

Published in පුවත්
Monday, 18 October 2021 10:47

ගුරු විදුහල්පති වැ‍ටුප් විශමතාවය දුරලීම සඳහා රජයට ලබා දිය හැකි උපරීම විසඳුම ලබා දුන් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

මෙම විසඳුම බාර ගෙන සමස්ත දරු පරපුර වෙනුවෙන් තමන්ගේ යුතුකම් හා වගකීම් ඉ‍ටු කිරීමට නොපැකිලිව පියවර ගන්නා ලෙස සමස්ත ගුරු විදුහල් පති ප්‍රජාවගෙන ඉල්ලා සිටින බවද ඔහු අවධාරණය කරයි.

කොවිඩ් වසංගතය මැද මුහුණ පාන්නට සිදුවූ ආර්ථික දුෂ්කරතා මධ්‍යයයේ වසර විසි ගන්නක් පුරා නොවිසැදී පැවැති ගුරු විදුහල්පති වැ‍ටුප් ප්‍රශ්නයට මේ මොහොතේදී ලබා දිය හැකි සාධාරණම විසඳුම ලබා දී ඇති ඇති බවත් වසරක් කාලයක් තුළ මෙම ගැටලුව විසැඳෙන බැවින් ගුරුවරු සහ විදුහල්පතිවරු තමන්ගේ වගකීම නිසියාකාරව ඉ‍ටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වෙන බවත් ඔහු පවසයි.

මේ අතර රාජ්‍ය සේවා , පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ජේ ජේ රත්නසිරි පවසන්නේ රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරී අතරින් අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කළ 18,000 ක වන අභ්‍යාසලාභී උපාධිධාරීන් මෙම මස 21 වන දා අනිවාර්යෙන්ම සේවයට වාර්තා කළ යුතු බවය.

එහෙත් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය දැඩිව අවධාරණය කර සිටින්නේ රජය කවර උපක්‍රම තේරුවත් 21 වනදා වර්ජිත ගුරු විදුහල්පතිවරුන් සේවයට වාර්ථා නොකරන බවය.

අභ්‍යාසලාභීන් උපාධිධරයන් පාසල් වෙත කැඳවූවද තමන්ගේ සටන ජයග්‍රහණයෙන් තොරව අවසන් නොකරන බවත් එම වෘත්තීය සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලීන් පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us