ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

ඉදිරියේදී දුම්රිය ධාවනය සිදුවන්නේ නව කාලසටහනකට අනුව බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවැසීය.

භාණ්ඩ මිළ වැඩි වීම, වෙළඳ පොළේ භාණ්ඩ හිඟ වීම ගැන බරපතල විවේචන මධ්‍යයේ පසුගියදා ආණ්ඩුව භාණ්ඩ ගනනාවක මිළ පාලනය ඉවත් කිරීමට තීන්දුවක් ගෙන තිබිණි. මේ තීන්දුව ගැනත් දේශපාලනික විවේචන දැඩිව එල්ල වෙමින් තිබිණි.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම සියළුම විශ්වවිද්‍යාලවලදී අද ආරම්භ වුණා. එය ලබන 15 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම වන ප්‍රීමා සමාගම ඇතුළු සෙසු සමාගම් තීරණය කර ඇති බව ප්‍රීමා සමාගමේ නිලධාරියකු පැවැසීය.

ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝග්‍රෑම් 1150ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 සේනාංකයට අයත් 7වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් මන්නාරමේදී අද (11) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

පෞද්ගලිකව මෙන් මරටක් වශයෙන් ගත් කල ආර්ථික සමෘද්ධිය යනු යහපත් ජීවන තත්ත්වයක ප්‍රධාන අංගය වන අතර ලෝක ආර්ථිකය තුළ ජාතියක් වශයෙන් තරඟකාරී වීම සඳහා ද එය අත්‍යවශ්‍යවේ. ලෝක ආර්ථිකයත් සමග උරෙනුර ගැටීම සඳහා ඍජු විදේශ ආයෝජන තුළින් නව ඩොලර් ප්‍රවාහ රට තුළට ලබා ගැනීමකෙරෙහි මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ප්‍රධාන අවධානය යොමු වී තිබේ.

ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

Connet With Us