ලාෆ් ගෑස් මිලත් ඉහළට - රුපියල් 2,840 යි

Published in පුවත්
Monday, 11 October 2021 10:03

ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 984කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 2,840ක් වේ.

එමෙන්ම කිලෝ ග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක් 393කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 1,136කි.

ඊයේ (10) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බව ලිට්‍රෝ සහ ලාෆ් සමාගම් ප්‍රකාශ කළේය.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,257කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2,750ක් ලෙසය.

එමෙන්ම කිලෝග්‍රෑම් 5ක් වු ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 503කින්ද, කිලෝග්‍රෑම් 2.5ක් වු ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 231කින්ද ඉහළ නැංවීමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,101ක් වන අතර, කිලෝග්‍රෑම් 2.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 520ක් බව ලිට්‍රෝ සමාගම සඳහන් කළේය.

මේ අතර තිරිඟු පිටි මිල ඉහළ දැමී‍ම සම්බන්ධයෙන්ද අද (11) අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

කිරිපිටි, තිරිඟුපිටි, ගෑස් සහ සිමෙන්ති යන අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පැවැති පාලන මිල පසුගියදා රජය විසින් ඉවත් කරනු ලැබීය.

ඒත් සමඟ නිෂ්පාදන පිරිවැයට සාපෙක්ෂව නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීමට අදාළ සමාගම් කටයුතු කර තිබුණි.

කෙසේවුවද අප කළ විමසීමක දී පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ප්‍රකාශ කළේ, අසාධාරණ ලෙස මිල ගණන් ඉහළ දැමුවහොත් භාණ්ඩ සඳහා යළි පාලන මිල ගණන් පැනවීමට පියවර ගන්නා බවය.

adaderana

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us