ඉදිරි මාස කීහිපය තුළ ලංකාවේ ආර්ථිකය ඉහළටම ගෙන යන බවට කබ්රාල්ගෙන් පොරොන්දුවක් !

Published in පුවත්
Thursday, 07 October 2021 20:50

ඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියාසිටියේ. මහ බැංකුවේ සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සදහා වන සය මාසික පෙර දැක්ම පිළිබද විග්‍රහයක් එහිදී සිදුකෙරුණා.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීම ජනාධිපතිවරයා සිදුකර ඇති බැවින් ඊට එරෙහි පෙත්සම විභාග කිරීමට අධිකරණයට බලයක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙසත් නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ මූලික විරෝධතා මතුකර තිබේ.

අදාළ පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සමක් සළකා බැලූ අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලෙ මහතායි මෙම විරෝධතා මතුකළේ. දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් මහතා මෙහි පෙත්සම්කරුයි. නෙරින් පුල්ලේ මහතා තවදුරටත් කියාසිටියේ මෙම පෙත්සම තුළ අසත්‍ය සහ නොමග යවන සුලු කරුණු රැසක් ඇති බවයි.

අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිහාල් ෆොන්සේකා නමැත්ත්තෙකු 2015 වසරේදී මහබැංකුවේ මුදල් මණ්ඩලයට පත්කළ බව පෙත්සමේ සදහන්. එහෙත් කබ්රාල් මහතා එම වසරේ මහබැංකු අධිපති ධුරයේ කටයුතු නොකළ බව අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නා. මෙවැනි අසත්‍ය සහ නොමග යවන තොරතුරු රැසක් පෙත්සම තුළ අන්තර්ගත බැවින් එය විභාග කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව ඔහු අවධාරණය කළා.

මෙය මහජන සුබසාධනය උදෙසා ගොනුකළ බවට පෙත්සම්කරු පැවසුව ද එය ද්වේශ සහගත සහ මඩගැසීමේ අරමුණෙන් අධිකරණ ක්‍රියාපටිපාටිය අවභාවිතයට ලක්කරමින් ගොනුකර ඇතැයි ද ඒ මහතා පැවසුවා.

කබ්රාල් මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද ඉල්ලා සිටියේ මෙම පෙත්සම විභාගයට නොගෙන නිශ්ප්‍රභ කරන ලෙසයි. මෙය හුදෙක් දේශපාලන වාසි සහ ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ අරමුණෙන් ගොනුකරන ලද්දක් බවද ඔහු පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us