ස්ටාලින් අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිලි !

Published in පුවත්
Thursday, 07 October 2021 20:36

අපොස උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නියම කරගත් දිනවල පැවැත්වීමට නොහැකිවී ඇති බව අද නිවේදනය කෙරුණා. එම විභාග පැවැත්වෙන දින පසුව දැනුම්දීමට නියමිතයි.

මේ අතර ඊයේ රටපුරා විරෝධතා සංවිධාන කළ ජෝසප් ස්ටාලින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත්වුණා. උද්ඝෝෂණ නිසා පාසල් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නීතිපතිවරයාටද පැමිණිල්ලක් භාරදී තිබෙනවා.

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව පිළිබද ගැටලුව මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 88 ක් සපිරෙනවා. ඔන්ලයින් ඉගැන්වීම් වලින්ද ඉවත්ව ක්‍රියාත්මක කරන මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට තවදුරටත් සමාජය තුළින් එල්ලවන්නේ දැඩි විරෝධයක්. ඊයේ දිනයේ දී විරෝධතා සංවිධාන කළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අපේ ජනබල පක්ෂය පොලිස් මූලස්ථානයට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

මේ අතර ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා පාසල් දරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව නීතිපතිවරයාට පැමිණිල්ලක් භාරදුන්නා.

කෙසේ වෙතත් ලංකා ගුරු සංගමය පවසන්නේ පාසල් ආරම්භ වුවද ගුරුවරුන් අඛණ්ඩවම වෘත්තිය ක්‍රියාමාර්ගයෙහි නිරත වන බවයි.

මේ අතර අයිතිවාසිකම් ඉල්ලාසිටිනවා සේම යුතුකම් ඉටුකිරීමට ද ගුරුවරයා බැදීසිටින බව නීතිවිශාරදයෙකු වන මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා පවසනවා. ගුරු විදුහල්පති වෘත්තිය ක්‍රියාමාර්ගය මෙන්ම උසස් පෙළ සහ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග කල් දැමීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ද අදහස් පළකෙරුණා.

-පංචාලි අබේසේකරස්ටාලින් අත්අඩංගුවට ගන්නා ලෙස පැමිණිලි !

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us