දුම්රිය ධාවනය නව කාලසටහනකට

Published in පුවත්
Tuesday, 12 October 2021 09:38

ඉදිරියේදී දුම්රිය ධාවනය සිදුවන්නේ නව කාලසටහනකට අනුව බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවැසීය.

 

දුම්රිය සේවා නැවත ආරම්භ කරන ස්ථිර දිනයක් පිළිබඳ මෙතෙක් නිල වශයෙන් දැනුම් දීමක් සිදුව නැති බවද ප්‍රවාහන අමාත්‍යංශයේ උපදෙස් ලද වහාම දුම්රිය ධාවනය ආරම්භ කරන බවද හෙතෙම කීවේය.

රට සාමාන්‍යකරණය වීමත් සමග පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දරගේ සහ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවකගේ ප්‍රධානත්වයෙන් ඊයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති අතර එහිදී මේ අදහස් පළවිය.

නව කාලසටහනට අනුව කාර්යාල දුම්රිය 130ක් ධාවනය කිරීමට සූදානම් කර තිබෙන බවත් තදබදයකින් තොරව මගීන් ප්‍රවාහනය කිරීමේ අරමුණින් අලුතින් නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය කිහිපයක් හදුන්වාදෙන බවත් දුරගමන් සේවා දුම්රිය හැකි පමණින් කොළඹට ගෙන්වීමට පියවර ගන්නා බවත් සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේය.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ 3300 ක් ධාවනයට එක්කර තිබෙන බවත් දුම්රිය මගීන් ප්‍රවාහනය කිරීම වෙනුවෙන් විශේෂ බස් රථ යොදවා තිබෙන බවත් ශ්‍රීලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක පැවසීය.

මණ්ඩලයේ සියලුම සේවකයින් පූර්ණ එන්නත්කරණයට ලක්කර අවසන් බවත් සේවා සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මකව පවත්වාගෙන යන බවත් සභාපතිවරයා කීවේය.

aruna

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us