විශ්වවිද්‍යාල සිසුන්ටත් එන්නත ලබා දීම ඇරඹේ !

Published in පුවත්
Monday, 11 October 2021 12:26

විශ්වවිද්‍යාල සිසුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම සියළුම විශ්වවිද්‍යාලවලදී අද ආරම්භ වුණා. එය ලබන 15 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර තිබේ.

දිවයිනේ සියළුම විශ්වවිද්‍යාල සහ විශ්වවිද්‍යාල අනුබද්ධ ආයතනවලදී කොරෝනා මර්දන එන්නත් ලබාදීම සිදු කෙරෙනවා. විශ්වවිද්‍යාල වෙබ් අඩවි ඔස්සේ මේ පිළිබඳ දැනුවත් කර ඇති අතර එන්නත් ලබා ගැනීම සඳහා තමන් ලියාපදිංචි විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කළේ.

එන්නත් වර්ගීකරණයෙන් තොරව තමන්ට ආසන්නම විශ්වවිද්‍යාලයට පැමිණ කොරෝනා මර්දන එන්නත් ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සරසවි සිසුන්ගෙන් ඉල්ලා සිටිනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us