ඉන්ධන මිල වැඩි නොකිරීමට, ජනපතිගෙන් ඇමැතිට උපදෙස්.

Published in පුවත්
Tuesday, 12 October 2021 10:44

ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.

 

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගනන් විශාල ලෙස ඉහල යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් දැඩි අලාභයක් ලබන බව බලශක්ති, ඇමති උදය ගම්මන්පිල මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා ඉන්ධන මිල අද හෙට වැඩි නොකරන්නැයි දැනුම් දී ඇත. ඒ අනුව ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

කෙසේ නමුත් ඊයේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ මාධ්‍ය හමුවකදී කියා සිටියේ පසුගිය අගෝස්තු මසයේදී සංස්ථාව රුපියල් කෝටි 867 ක් පාඩු ලබා ඇති බවය. දැන් පවතින තත්වයන් හමුවේ ඔක්තොර්බර් අවසන් වන විට තවත් කෝටි 1000 ක් පමණ පාඩුවක් වීමට නියමිත ඇති බවය. එමෙන්ම මෙම පාඩු දිගින් දිගටම දරා ගැනීමේ හැකියාවක් තෙල් තෙල් සංස්ථාවටත් ලංකා ආණ්ඩුවටවත් සමස්ථ ලංකා ආර්ථිකයටත් හැකියාවක් නොමැති බවත් ඔහු අවධාරණය කරන ලදී.

මේ අනුව ඉන්ධන වෙනුවෙන් දරන්න න පාඩු මහ භාණ්ඩාගාරයට පියවීමට සිදුවනු ඇත. මේ වන විටත් ඩොලර් බිලියන 3.6ක් රාජ්‍ය බැංකු දෙකට තෙල් සංස්ථාව ණය වී සිටීම මත මෙරටට ඉන්ධන ලබා ගැනීම වෙනුවෙන් ඩොලර් ණය ලබා ගැනීමේ අර්බුදකට තෙල් සංස්ථාව පත්ව තිබේ. මේ නිසා ඩොලර් බිලියන 2.5 ක විදේශ ණයක් ගැනීමට තෙල් සංස්ථාව සූදානම් වේ. එහෙත් මේ සම්බන්ධයෙන් විපක්ෂයේ චෝදනා එල්ල වී තිබේ.

 ඛනිජතෙල් සංස්ථාව ඩොලර් බිලියන 2.5 ක විදේශ ණයක් ගැනීමට සුදානම් වීම ගැන විපක්ෂයෙන් එල්ල කළ චෝදනාව ගැන ඇමැති ගම්මන්පිළ පැහැදිලි කිරීමක් ද කර තිබේ.

" .. ඛනිජතෙල් සංස්ථාව ඩොලර් බිලියන 3.6ක් රාජ්‍ය බැංකු දෙකට, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණයයි. මේ ඩොලර් ණය සඳහා වාර්ෂිකව 5.5% පොලියක් ගෙවනවා. ඒ අතරේ පසුගිය වසර ගණනාවක් පුරා ඊට වඩා අඩු පොලියට තෙල් සංස්ථාවට ණය ලබා දීමට විවිධ පාර්ශව යෝජනා ඉදිරිපත් කර තිබුණා.

මේ යෝජනා නොසලකා හිටියොත් අඩු පොලි ණය ගැනීමට හැකියාව තිබිය දී සංස්ථාව වැඩි පොලියට ණය ලබා ගෙන ජනතාව මත පටවනවා කියන චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. ඒ නිසා ප්‍රසිද්ධ දැන්වීම් පල කරලා විධිමත් යෝජනා කැඳවීමකින් අඩු පොලි ණය ලබා ගැනීමේ හැකියාවක් ඇත්දැයි සොයා බැලීමට මම කැබිනට් අවසරය ඉල්ලුවා.

මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණය වුණේ මේ වෙලාවේ ප්‍රසිද්ධ දැන්වීමක් පල කරලා ඩොලර් ණය මේ වගේ දැවැන්ත මුදලක් ගන්න යන විට කවුරුවත් ඉදිරිපත් වුණේ නැතිනම් ආණ්ඩුව විසින් දැනට විදේශවලින් ඩොලර් ණය ගැනීමට දරණ උත්සාහයට අවාසි දායක ලෙස බලපාන්න පුළුවන්.

ඒ නිසා අලුතින් යෝජනා කැදවීමක් ප්‍රසිද්ධ දැන්වීමකින් කරන්නේ නැතුව මුදල් අමාත්‍යාංශය විසින් පත්කරණ ප්‍රසම්පාදන කමිටුවක් හරහා ලැබී ඇති යෝජනා ඇගයීමකට ලක් කරලා පිළිගත හැකි යෝජනා තිබේ නම් බාරගන්න කියලා මුදල් අමාත්‍යාංශය නිර්දේශ කර තිබුණා. ඒ කට තමයි අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ.

ඉදිරිපත් වී තිබුණු යෝජනා අතුරෙන් රජයේ ස්වෛරී ඇපකරයක් මත ණය දෙන්න කැමති වී සිටියේ එකම එක සමාගමයි. ඒ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිවල පිහිටි පීඑස්එල් ඇමෙරිකා ඉන්කෝපරේෂන් කියන සමාගමයි. අනෙකුත් අය ත්‍රිත්ව ඒ ශ්‍රේණිගත කිරීම් තිබෙන බැංකුවක හෝ ලෝකයේ ප්‍රමුඛතම බැංකු 25න් එකක හෝ ඇපයක් ඉල්ලා සිටියා. ඒ අනුව එම සමාගමෙන් අදාල ණය මුදල ලබා ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කළා. ඔවුන්ගේ නිර්දේශය මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළා.

මේ අය 7%ක ගාස්තුවක් අය කරන බව ඇත්තක්. ඒ පිළිබඳ ප්‍රසම්පාදන කමිටුව ප්‍රශ්න කළ අවස්ථාවේ ඔවුන්ට කියා තිබෙන්නේ ලංකාව ණය ශ්‍රේණිගත කිරීම් වල පහතම අඩියේ තිබෙන්නේ. තෙල් සංස්ථාවත් දිගු කලක් තිස්සේ මූල්‍ය අර්බූදයක තිබෙන ආයතනයක්. ඒ නිසා මෙම ණය මුදල් රක්ෂණය කරන්න විශාල මුදලක් ගෙවන්න වෙනවා. ඒ මුදල අඩු කරන්න බෑ කියා දැනුම් දුන්නා. 7% කපා හරින්නේ සමස්ත මුදලෙන්. පොලී අනුපාතය 3%යි. දැන් අපිට ලැබෙන්නේ 100ක් වෙනුවට 7ක් කපාගෙන 93යි. ඒ අනුව බැලුවාම පොලී අනුපාතය 3.23% දක්වා වැඩි වෙනවා. අපි දැන් බැංකුවලින් ණය ගත්තම කීයක් පොලී ගෙවන වද? 5.5% ක්.

එහෙම බලද්දී මිලියන ගණනක ඉතිරියක් අපට වාර්ෂිකව කරන්න පුළුවන් මේ ණය මුදල ලබාගත්තොත්. ඒ නිසා මේක වාසි දායක යෝජනාවක් විදිහට අමාත්‍යමණ්ඩලයට පෙනුනා.

මෙතරම් දැවැන්ත මුදලක් මෙවැනි ආයතනයක් අපට දේවි කියා මම විශ්වාස කරන්නේ නෑ කියා මම ඇමති මණ්ඩලයටත් දැනුම් දුන්නා. නමුත් මේ යෝජනා නොසලකා හිටියා නම් අපි අඩු පොලියට ණය ලබා ගන්න තිබුණු අවස්ථාව මග හැරියා කියන චෝදනාව එල්ල වෙනවා. මේ ණය මුදල ලැබුනොත් හොදයි. නොලැබුනොත් ඉතින් කරන්න දෙයක් නෑ..."

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us