News Items (18842)
කරු ජයසූරියගේ දියණය ඉන්දිරාගේ සමාජ දෘෂ්ටිවාදයට හානියක් කළේ නෑ -‘ආසු 34’ ගැන
සංජීව පුෂ්පකුමාර සෑමවිටම ප්‍රේක්ෂක අවධානයට ලක්වන සිනමා නිර්මාණවල කර්තෘත්වය හිමි සම්මානනීය සිනමා කරුවෙකි. සංජීවගේ අලූත්ම සිනමාපටය වන ‘ආසු 34’ වන ටෝකියෝ සිනමා උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලැබ තිබියදී ඔහුගේ සිනමා භාවිතය ගැන කළ කෙටි කතාබහකි මේ.
බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 දක්වා ඉහළ යා හැකි බව රුසියානු ජනාධිපති ව්ලැද්මිර් පුටින් මහතා පෙරේදා (13) රුසියානු බලශක්ති සතියේ පැවති ව්‍යාපාරික ප්‍රවෘත්ති සහ මූල්‍ය වෙළෙඳපොළ ආවරණය පිළිබඳ ලොව ප්‍රමුඛ සීඑන්බීසී හමුවේ පැවසීය.
ලබන 21 දා පාසල් ආරම්භ කරන විට සිය කැමැත්තෙන් පාසල් එන ගුරුවරුවරුන්ට සම්පූර්ණ ආරක්ෂාව දෙන බව මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා ඊයේ (14) අවධාරණය කළේය.
ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නව ක්‍රමයකට
ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බවත්
එරාවුර් අක්කර 400 ක විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයක්
මෙරටට ආර්ථික හා සමාජයීය ප්‍රතිලාභයක් ගෙන ඒමට සමත් අක්කර 400 ක නව විශේෂිත රෙදිපිළි නිෂ්පාදන කලාපයකට පසුගියදා (11) පෙරවරුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතාගේ සභාපතීත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.
සෑම ගමකින්ම අන්තර්ජාලයීය ව්‍යවසායකයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙලක්
සෑම ගමකින්ම අන්තර්ජාලය සමඟ ගනුදෙනු කරන නව ව්‍යවසායකයෙකු බිහිකිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ලබන වසරේ සිට ආරම්භ කරන බවත් තරුණ පිරිස ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබාදීමෙන් රට මුහුණ දී සිටින දුෂ්කර තත්වයෙන් ඉතා ඉක්මණින් මිදීමේ හැකියාව ඇති බවත් තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පවසා තිබිණි.
රාජ්‍ය ආයතන 3ක් තෙල් සංස්ථාවට කෝටි 15,400ක් ණයයි. මේ මාසේ පාඩුව කෝටි 1,000 යි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන තුනක් රුපියල් කෝටි 15,400ක් (බිලියන 154) ණය බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඩී. ආර්. ඔල්ගා ප්‍රකාශ කරයි.
කිරි – බිත්තර මිලත් ඉහළට - කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති
දේශීය දියර කිරි මිල ගණන් ද අද හෙටම ඉහළ යනු ඇතැයි පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය ඇමැති ඩී.බී.හේරත් පැවසුවේය.
දියර කිරි මිල ඉහළ දමන ලෙස කිරි ගොවි සංගම් කීපයක් ඉල්ලීම් කර ඇතැයි ද ඇමැතිවරයා කියයි.
කෙටි කාලයකින් ගෑස් මිල නැවතත් ඉහළට - ලිට්රෝ සභාපති
කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළහොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවරව පැවතීමට අසීරුවන බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ පවසා සිටියේය.
පැන්ඩෝරා ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙනුත් විමර්ශන
ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කළ පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.
