රාජ්‍ය ආයතන 3ක් තෙල් සංස්ථාවට කෝටි 15,400ක් ණයයි. මේ මාසේ පාඩුව කෝටි 1,000 යි.

Published in පුවත්
Thursday, 14 October 2021 10:47

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන තුනක් රුපියල් කෝටි 15,400ක් (බිලියන 154) ණය බව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ඩී. ආර්. ඔල්ගා ප්‍රකාශ කරයි.

එම ආයතන අතුරින් වැඩිම ණය මුදලක් ගෙවීමට ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලය බවද ඒ මුදල රුපියල් කෝටි 7,900ක් (බිලියන 79) පමණ වන බවද ඇය වැඩි දුරටත් පැවසුවාය.

ඊට අමතරව ශ්‍රීලන්කන් එයාර් ලයින්ස් රුපියල් කෝටි 6700ක්ද (බිලියන 67) ස්වාධීන විදුලි බල නිෂ්පාදකයන් රුපියල් කෝටි 800ක (බිලියන 8) මුදලක් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති බව ඇය සඳහන් කළාය.

මේ ආයතන තුනෙන් පමණක් රුපියල් කෝටි 15,400ක් (බිලියන 154) අය විය යුතු බව ඔල්ගා මහත්මිය අවධාරණය කළාය.

මීට අමතරව වෙනත් රාජ්‍ය ආයතනවලින් රුපියල් කෝටි 100ක (බිලියන 1) පමණ මුදලක් ගෙවීමට ඇති නමුත් එම මුදල් සාමාන්‍යයෙන් නිරවුල් වීමක් වන බවද ඇය පැවසුවාය.

මේ අතර ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ශීඝ්‍රයෙන් ඉහළ යෑම නිසා මේ මාසයේදී ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලබන පාඩුව කෝටි 1,000 ඉක්මවා යනු ඇතැයි සංස්ථාව ගණන් බලා තිබේ.

මෙරට ඉන්ධන මිල ඉහළ නොදමන නිසා සෑම මාසයකදීම තෙල් සංස්ථාව රුපියල් කෝටි හත්සියය, අටසියය ආදි වශයෙන් පාඩු ලබන අතර, මේ වනවිට සංස්ථාව රජයේ බැංකු දෙකට රුපියල් කෝටි 3,600ක මුදලක් ණයවී සිටින බවද පවතින තත්ත්වය හමුවේ මෙරට ඉන්ධන මිලද ඉහළ දැමිය යුතුව ඇතැයි ද පසුගියදා තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ කියා සිටියේය.

කෙසේ නමුත් ඉන්ධන මිල ඉහළ නොදමන්නැයි පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා ඇමැති උදය ගම්මන්පිළගෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව මිළ ඉහළ නොදැමිය යුතු බවට කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගෙන තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us