ගුරු වැටුප් ප්‍රශ්නයට අගමැති විසදුම, වෘත්තීය සමිති පිළිනොගනී !

Published in පුවත්
Wednesday, 13 October 2021 11:42

ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අද පැවැති එම සන්ධානයේ සාකච්ඡාවකදී තීරණය කර ඇත.

මෙම වෘත්තීය සමිති ක්‍රියාමර්ග ගැන තීරණාත්මක සාකච්ජාවක් ඊයේ (12) දින අරලියගහ මන්දිරයේදී අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පවතී අතර එහිදී යෝජනා වී තිබුණේ අදියර දෙකක් යටතේ ගුරු විදුහල්පතිවරු වෙත යෝජිත වැටුප ලබා දීමටයි.

ඒ අනුව පළමු අදියර 2022 ජනවාරි මාසයේදී සහ දෙවන 2023 ජනවාරි ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.

ඒ අනුව ඊයේ දිනයේදී අගමැතිවරයා සහ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අතර පැවති සාකච්ජාව එකඟතාවකින් තොරව අවසන් වී තිබුණි.

අද දිනයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් මේ ගැන ගුරු විදුහල්පති සංධානය පැවසුවේ රජයේ යෝජනාව පිළිගත නොහැකි හෙයින් තවදුරටත් සිය වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය ඉදිරියට ගෙන යන බවයි.

මෙම අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පැවසුවේ වෘත්තීය සමිති විසින් ඉල්ලා සිටින වැටුප් ලබා දීමට රජයට වැය වන්නේ රු.බිලියන 30ක් පමණක් වන අතර ඊට වඩා රජය මුදල් නාස්ති කරමින් සිටින බවයි.

ඒ අනුව තවදුරටත් මේ වෘත්තීය ක්‍රියාමර්ග ඉදිරියට නොයවමින් ඉල්ලීම් ලබා දෙන ලෙසයි රජයෙන් ඔහු ඉල්ලා සිටියේ.

මෙහිදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ පැවසුවේ ගුරු විදුහල්පති ඉල්ලීම් ඉටු කිරීම තවදුරටත් කල්මැරීමෙන් සිදුවන්නේ 43 ලක්ෂයක් දරුවන් අගතියට පත්වීම බවයි.

එමෙන්ම එළඹෙන 21 වැනිදාට පාසල් විවෘත කිරීමට කටයුතු කරන්නේ නම් ඊට පෙර මෙම ප්‍රශ්නය විසඳන ලෙසද ඔහු කියා සිටියේය.

නැතහොත් 21 වැනිදා පාසල් විවෘත කළද ගුරුවරු පාසල් වෙත යනවාද නැද්දයන්න පිළිබඳ ඉදිරි දිනවලදී තීරණයක් ගන්න බවයි ඔහු සඳහන් කළේ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us