මොල්නුපිරවියා කොවිඩ් මර්දන කරල ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි

Published in පුවත්
Wednesday, 13 October 2021 19:38

කොවිඩ් මර්දනය සඳහා මේ වන විටත් මූලික පරීක්ෂණ සාර්ථකව පවතින ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඊට අවශ්‍ය නිර්දේශ ලබාදෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් ද කර තිබෙන බවය.

"ම(ර්)ක් කියන ඖෂධ නිෂ්පාදන සමාගම කොවිඩ් රෝගය සඳහා කරලක් නිෂ්පාදනය කරලා තියෙනවා. මොල්නුපිරවියා (molnupiravir) නමින් හඳුන්වන. කොවිඩ් -19 රෝගය මර්දනය සඳහා ලෝකයේ රටවල් ගණනාවක් මෙම කරල යොදාගැනීම සඳහා අවධානය යොමුකර තිබෙනවා. ඖෂධ නිෂ්පාදන හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය ලෙස අපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවේ අදහස විමසලා මෙය අපේ රටට ගෙනඒම අවශ්‍ය ද?, ගේනවා නම් මොන දිනවලද ගේන්න ඕන, මොන ප්‍රමාණවලින් ද කියන එක ගැන අපිට නිර්දේශ ලබාදෙන්න කියලා."

මෙම ඖෂධ කරල මේ වනවිට පරීක්ෂණ මට්ටමේ පවතී. නමුත් විශේෂඥයින් පවසන්නේ එහි මූලික ප්‍රතිඵල සාර්ථක බවය. එහි නිවැරදි මාත්‍රාව ලබාදුන් විට කොවිඩ් වැලඳී ඇති බවට හඳුනාගත් පුද්ගලයින්ව රෝහල්ගත කිරීම සහ මරණ අඩකින් පමණ අඩුකර ගත හැකි බව සඳහන් වෙයි.

එහිදී සිදුවන්නේ මෙම ඖෂධය මිනිස් සෛල තුළදී කොරෝනා වෛරසය අනුකරණය කරමින් කොරෝනා වෛරසය විනාශ කිරීමය.

වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ මෙම ඖෂධ කරල සාර්ථක වුවහොත් කොරෝනාවට එරෙහි සටන සාර්ථක කරගත හැකි බවය.

ම(ර්)ක් සමාගම පැවසුවේ ඔස්ට්‍රේලියාව, දකුණු කොරියාව සහ මැලේසියාව ඇතුළු රටවල් රැසක් මේ වනවිට එම ඖෂධ කරල සඳහා ඇණවුම් ලබාදී ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us