පැන්ඩෝරා ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙනුත් විමර්ශන Featured

Published in පුවත්
Wednesday, 13 October 2021 19:55

ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයෙන් ප්‍රකාශයට පත් කළ පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව මෙම විමර්ශනය ආරම්භ කළේ යැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් පැවැසීය.

ඒ අනුව පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම්වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැරහැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන්නේ යැයි එම නිලධාරිනිය කීවාය.

අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බැඳී සිටින්නේ යැයි ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ලෝක බලවතුන්, ධනවතුන් සහ දේශපාලකයින් ඇතුළු පුද්ගලයින් විසින් සිදුකෙරුණු බදු පැහැරහැරීම්, අයථා ධනය රැස්කිරීම් සහ මුදල් විශුද්ධිකරණ කටයුතු ආදිය මෙසේ පැන්ඩෝරා ලියැවිලි නමින් අනාවරණයට පත් වූ අතර දේශපාලන සබඳතා ඇති ශ්‍රී ලාංකිකයෙකු වන තිරුකුමාර් නඬේෂන් හා ඔහුගේ බිරිඳ වන නිරූපමා රාජපක්ෂගේ තොරතුරු ද ඒ අතර විය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් හෙළිදරව් වූ කරුණු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකර මසක් ඇතුළත වාර්තාව ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පසුගියදා නියෝග කළ අතර ඒ අනුව එම කොමිසමෙන් ද විමර්ශනයක් සිදුවේ.

ලෝක නායකයන්, දේශපාලනඥයින් සහ ප්‍රකෝටිපතියන්ගේ රහස්‍ය ධනය, ගනුදෙනු, මූල්‍ය අපරාධ හා මුදල් විශුද්ධිකරණය සම්බන්ධ මූල්‍ය ලේඛන ලක්ෂ 120ක් පමණ පැන්ඩෝරා ලියැවිලිවලින් අනාවරණය වී ඇතැයි පැවසේ.

මේ අතර ගවේශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය පැන්ඩෝරා අනාවරණයෙන් පසුව සිදුවීම්වලට අදාළ රාජ්‍යන් ගන්නා තීන්දු හා විමර්ශන සම්බන්ධයෙන් ද වෙනම විමර්ශන ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

- ලංකාදීප

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us