කෙටි කාලයකින් ගෑස් මිල නැවතත් ඉහළට - ලිට්රෝ සභාපති

Published in පුවත්
Thursday, 14 October 2021 10:14

කෙටි කාලයකින් නැවත ගෑස් මිල ඉහළ දැමීමට සිදුවන බවත් එසේ නොකළහොත් ගෝලීය වෙළෙඳපොළ තුළ ස්ථාවරව පැවතීමට අසීරුවන බවත් ලිට්රෝ ගෑස් සභාපති තෙෂාර ජයසිංහ පවසා සිටියේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ පිළිබඳව ක්‍රියාකාරීව කටයුතු කළ අවධියේ පදනම් කරගත් තත්ත්වවලට යටත්ව එසේ මිල වැඩිවීම සිදුවනු ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් ඉදිරියේදී ගෑස් මිල සම්බන්ධව තිරසර වැඩපිළිවෙළක් සැලසුම් කෙරෙන බවත් වැඩි කරන ලද මිල නිශ්චිත කාලයක් පවත්වා ගැනීමටත්. මිල පහත දැමීමට හැකිවන විධිමත් කළමනාකරණයකට යොමු කිරීමටත් අදාළ කරුණු පිළිබඳව අවධානය යොමු කරන බවත් පවසා සිටියේය.

‘‘ලංකාවේ ආර්ථිකය සම්බන්ධව පවතින තත්ත්වය පොදු මහජනතාවට සැඟවිය යුත්තක් නොවෙයි. එසේ සැඟවීම නිසා බොහෝ විට ලංකාවේ උද්ගත වන ආර්ථික ප්‍රශ්න දේශපාලනීකරණයට හසු කරගැනීම නිසා මහජනතාව ඉන් මුළා වෙනවා. එනිසා මේ රටේ උගත් බුද්ධිමත් ජනතාව මේ ආර්ථික තත්ත්වය පිළිබඳව සවිඥානිවකව මේ වෙලාවේදී වටහා ගැනීම ඉතාම වටිනවා’’ යැයිද ප්‍රකාශ කළේය.

අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us