ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම් බලපත්‍ර නිකුත් කිරීම නව ක්‍රමයකට

Published in පුවත්
Thursday, 14 October 2021 19:42

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බවත්

අදාළ වන සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම කළ යුතු බවත් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිකුත් කර තිබෙන නව චක්‍රලේඛයකින් අවධාරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

සංවර්ධන ප්‍රමුඛතාවයන්, පෞද්ගලික ව්‍යවසායන්, කුඩා ස්වයං රැකියා සහ පාරම්පරික වෘත්තීන්හි නියැලෙන්නන්ගේ ආර්ථික ජීවනෝපාය අවශ්‍යතා වෙනුවෙන් භූ සම්පත් යොදාගැනීම සහ ඒවා ලබාගැනීමේ මූලාශ්‍ර හා ක්‍රමවේදයන් අධ්‍යයනය කිරීම සඳහා ජනාධිපතිතුමා විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරිණ.
භූ සම්පත් කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම සඳහා පැවති ක්‍රියාවලිය තුළ මහජනතාව, පෞද්ගලික ආයතන මෙන්ම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ද මුහුණ දුන් අසීරුතා මඟහරවා පරිසරය සුරකින පරිදි බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියක් හඳුන්වා දීම එම බලකායේ වගකීම විය.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සකස් කළ නව ක්‍රමවේද පිළිබඳ උපදෙස් අඩංගු “ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය”ට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අදාළ සියලුම ආයතන ප්‍රධානීන් කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, ප්‍රවාහනය සහ වෙළඳාම ක්‍රමවත් කිරීම සඳහා අවශ්‍ය පියවර නොපමාව ගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නව චක්‍රලේඛය මගින් නියෝග කර ඇත.

භූ සම්පත් කැණීම් කළ හැකි ස්ථාන පිළිබඳ කල් ඇතිව හඳුනාගැනීම, ඒවා සිතියම් ගත කිරීම, එම භූ සම්පත් අයත්වන ආයතන හඳුනාගැනීම හා අවශ්‍ය නිශ්කාශන සහතික ලබාගැනීම වැනි කාර්යයන් ඒකීය ආයතන ව්‍යුහයක් තුළ ක්‍රියාත්මක විය යුතු බව භූ සම්පත් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකාය යෝජනා කර තිබේ. අදාළ වන සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන මෙතෙක් හුදෙකලාව ක්‍රියාත්මක කරනු ලැබූ ක්‍රමවේද වෙනුවට ඒකීය ක්‍රමවේදයක් තුළ කටයුතු කිරීම සඳහා අවශ්‍ය පරිපාලන ව්‍යුහයක් ගොඩනැගීම හෝ ප්‍රතිසංස්කරණය කිරීම හෝ කළ යුතුය.

කාර්ය සංග්‍රහයේ පරිච්ඡේදවල සඳහන් උපදෙස් අනුව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය විසින් මෙතෙක් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධව ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව චක්‍රලේඛය මගින් දැනුම් දී තිබේ.

අනවශ්‍ය ලෙස සේවාලාභීන් ආයතන කිහිපයකින් නිශ්කාශන ලබාගැනීම වැළැක්වීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පියවර ගත යුතුය. එමෙන්ම යෝජනා කර ඇති පරිදි දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ග්‍රාම නිලධාරීන් හා වෙනත් නිලධාරීන් වෙත අවශ්‍ය බලතල පවරා දීමටත් ඔවුන්ට අවශ්‍ය නීතිමය ලියවිලි ලබාදීමටත් පියවර ගත යුතු බව චක්‍රලේඛයෙන් අවධාරණය කරයි.

ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් නිර්දේශ කර ඇති නියමිත කාලසීමාව තුළ අදාළ නිශ්කාශන හෝ පරිසර සහතික ලබාදීමට පියවර ගත යුතු ය. ඇතැම් විට දැනට පවතින රෙගුලාසි, ගැසට් නිවේදන, චක්‍රලේඛ සංශෝධනය කිරීමට ඉඩ තිබේ.
ඊට අවශ්‍ය අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් ලබාදී ඇති බැවින් එවැනි සංශෝධන ඇත්නම් ඒවා නොපමාව සම්පූර්ණ කිරීමට අදාළ ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතන ප්‍රධානීන් ක්‍රියා කළ යුතුය.

කැණීම් බලපත්‍රයක් නිකුත් කිරීමට පෙර අදාළ සියලුම රාජ්‍ය ආයතන වෙනුවෙන් ගාස්තු අයකිරීම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් සිදුකරන අතර එම මුදල් පරිසර අමාත්‍යාංශය යටතේ ඇති අනුමත අය ශීර්ෂයක් වෙත බැර කළ යුතුය.

ඉදිකිරීම් කර්මාන්ත සඳහා භාවිතා කරන ඛනිජ කැණීම්, ප්‍රවාහනය සහ වෙළඳාම පිළිබඳ කාර්ය සංග්‍රහය මගින් නියම කර ඇති ගාස්තු හැර, මීට අදාළව මුදල් අමාත්‍යාංශයේ ලේකම්ගේ එකඟතාවයක් නොමැතිව වෙනත් ගාස්තු පැනවීම හෝ ගාස්තු සංශෝධනය නොකළ යුතු බව චක්‍රලේඛයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

භූ සම්පත් කැණීම් කිරීමේදී පාරිසරික ගැටලු පැනනැගීමත් ඒ මත මහජන විරෝධතා මතුවීමත් ඒවාට අවශ්‍ය විසඳුම් ලබාදීමේදී ආයතන අතර සම්බන්ධීකරණයේ දුර්වලතා පවතින බව ජනාධිපති කාර්ය සාධක බලකාය අධ්‍යයනය කර ඇත. නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් මහජන විරෝධතා කළමනාකරණය කිරීමටත් සියලුම ආයතන ඒකාබද්ධ ප්‍රයත්නයක නියැලිය යුතු අතර දිස්ත්‍රික් හා ජාතික වශයෙන් පිහිටවා ඇති අධීක්ෂණ කමිටු නොපමාව රැස්වී අවශ්‍ය තීරණ ගත යුතුය.

අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති ක්‍රමවේද සඳහා උපරිම සහයෝගයක් සියලුම ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනවලින් ලබාගැනීම සඳහා අවශ්‍ය අඛණ්ඩ වැඩපිළිවෙළක් හා අධීක්ෂණයක් පරිසර අමාත්‍යාංශය සිදුකළ යුතු වේ. එහිදී යම් ව්‍යවස්ථාපිත රාජ්‍ය ආයතනයක් අවශ්‍ය සහයෝගය ලබා නොදෙන්නේ නම් ඒ පිළිබඳ පූර්ණ වාර්තාවක් තමා වෙත සැපයීමට ක්‍රියා කළ යුතු බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා චක්‍රලේඛය මගින් වැඩිදුරටත් දැනුම් දී තිබේ. "

මේ අතර මෙම වසරේ අගෝස්තු මාසය අවසන් වන විට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය රු කෝටි 20 කට අධික ලාබයක් ලැබූ බව ප්‍රකාශයට පත් කර තිබූ අතර එම ලාබය අත්පත් කර ගැනීම වෙනුවෙන් වැඩිම දායකත්වය ලබා දී තිබුණේ බලපත්‍ර ගාස්තු අය කිරීමෙන් බවද වාර්ථා විය. එම වසරේදී බලපත්‍ර 7,77,000 ක් නිකුත් කර තිබිණි.

කෙසේ නමුත් පාරිසරික සාධක නොසලකා දිගින් දිගටම කළු ගල්, වැලි, පස්, බොරළු හා මැටි කැණීම, සම්බන්ධ බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් පරිසරවේදීන්ගෙන් බරපතල විරෝධයක් රජයට එල්ල වී ද තිබේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us