බැලු බැල්මටම මේ තීන්දුව පාලකයන්ගේ නොහැකියාව, අසමත්කම්, අසරණකම් පෙන්වන තීන්දු ලෙස අර්ථ දැක්විය හැකියි. එහෙත් ආර්ථික විද්‍යව පැත්තෙන් බැලු විට මෙය නිවැරදි තීන්දුවකි. මේ තැනට ආණ්ඩුව පත් වූයේ දැනට මුහුණදී සිටින ආර්ථික අර්බුද හමුවේ වෙන කරකියා ගන්න දෙයක් නොමැතිකමද විය හැකිය. එය එසේ විය හැක්කේ මෙතුවක් කල් මෙරට තුළ පවත්වගෙන ගිය ආර්ථික ක්‍රමවේදයන් දැන් අසමත් වීම පැහැදිලිවම පෙන්නුම් කර තිබෙන නිසාය. ඇත්තම කාරණය දේශපාලනික පාර්ශ්වවික වුවමණා එපාකම් මත එහෙට මෙහෙට කරමින් පවත්වාගෙන ගිය ආර්ථික ක්‍රමවේදයන් යන්න පුලුවන් තරම් දුර ගොස් නැවැතී ඇත. එහෙම වෙන්න බලපෑ හේතු බොහොමයක් ඇත.
කොහොම නමුත් වළකට වැටීමත් මොළයට ලාබයක් යැයි කියමනක් තිබේ. ඒ අනුව දැන් ඇත්ත යථාර්තයට මුහුණ දී ප්‍රශ්න විසඳා ගැනීමට අද රජයට සිදුව තිබේ. මේ නිසා ජනප්‍රිය නොවන තීන්දු තීරණ ලෙස බොහෝ දෑ අපට ඉදිරියේදී හමුවනු ඇත.
ගැලරි චූන් කරණ ජනප්‍රිය තීන්දු තීරණ විසිකර දමා පසුගියදා භාණ්ඩ ගනනාවක මිළ පාලනය අත් හරින්න ආණ්ඩුව, තීන්දු කිරීම නිවැරදි තීන්දුවකි. මිළ පාලනය නිසා පාරිභෝගිකයාට මහා ලොකු වාසියක් ලාබයක් වෙනවාය කියන මිත්‍යාවේ අපි බොහෝ කාලයක් මුළුල්ලේ ගිලි සිටියෙමු. නමුත් ඇත්තටම සිදුවූයේ එහි අනෙක් පැත්තයි. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය මත මිළ පාලනයක් නියම කිරීම මඟින් පාරිභෝගියාට වෙනදාට වඩා වියදම වැඩි වීම සිදුවූ බවත් පෙනෙන්නට තිබිණි.
මීට කලකට පෙර ආප්පයටත් මිල පාලනයක් තිබිණි , ප්ලේන්ටියට, පාන් ගෙඩියට, බනිස් ගෙඩියට.. ආදී වශයෙන් පාලන මිලක් තිබිණි. නමුත් මේ මිළ පාලනය නිසා නියමිත ප්‍රමිතියෙන් ගුණාත්මකබවින් යුතු භාණ්ඩ ලැබුණේ නැත. මන්ද ඒ කියන මිළට භාණ්ඩ සපයා පාඩු විඳින්න කුඩා ව්‍යාපාරිකයාට නොහැකි වීම නිසා එහි තත්වය බාල කර නියමිත ලාබය අත්පත් කරගන්න මේ අයට සිදුවේ.
මිල පාලනය නිසා ගුණාත්මක බවින් අඩු භාණ්ඩ, ආහාර වලින් වෙළඳ පොළ ආක්‍රමණයක් සිදුවීම අනිවාර්යයක්.
සාධාරණ වෙළෙන්දාටත් අකමැත්තෙන් වුණත් කළුකඩ කාරයෙක්, ජාවාරමෙක් වෙන්න සිදුවේ, පාරිභෝගිකයාව රවට්ටන්න සිදුවේ. ඒ වගේම වෙළඳ පොළ තුළින්ම මේ පාඩුව පියව ගන්න වෙනත් නව උපක්‍රම තෝරා ගැනීම සිදුවෙයි.
ආප්පයට පාලන මිළක් නියමකරන විට බිත්තර ආප්පය වෙනුවෙන් පාරිභෝගිකයාට බිත්තරයට වෙනම ගෙවන්න විය. ලුනු මිරිස් වෙනම ගන්න සිදුවිය. එමඟින් ආප්පයේ පාඩුව පියව ගන්න වෙළෙන්දා කටයුතු කළේය. වෙළඳ පොළ හැසිරෙන්නේ එහෙමය. පාන් ගෙඩිය ගත්තොත් නියමිත බර නැත. එක්කො සාමාන්‍ය පාන් නිශ්පාදනය අඩුකර තව මොනවා හෝ මිශ්‍ර කර අහවල් පාන් කියා නව නිශ්පාදනයක් කර වැඩි මිළක් නියම කර විකුණයි.
ඒ වගේම දිනෙන් දින නිශ්පාදන වියදම් ඉහල යෑම සිදුවේ. පාන් වලට පාලන මිළ දැම්මාට, පාන් නිශ්පාදනය සඳහා වන අනෙක් සාධකවලට පාලන මිළක් නැහැ. ඩීසල්, ගෑස් මිළ ඉහළ ගියත් ඒක පාන් ගෙඩියට බලපායි. මේ නිසා පාලන මිළ යන්න හැම මොහොතේම ප්‍රායෝගිකව සාර්ථක ක්‍රමවේදයක් වුයේ නැත.
සමහර විට රජය මේ නිශ්පාදකයන්ට සහනාධාර දෙනවා. ඒත් ඒවායේ බරත් අවසානයේ පැටවෙන්න රටේ ජනතාව මතමයි.
මිළ පාලනය නිසා කුඩා ව්‍යාපාරිකයාට මුහුණ දෙන්න වෙන නරක තත්වයන් වැඩියි. රජයේ පාලන මිළට භාණ්ඩ නොවික්කොත් පාරිභෝගික අධිකාරිය බෙල්ලෙන් අල්ලා ගන්නේ දඩ ගහන්නේ, නඩු දාන්නෙ මේ කුඩා ව්‍යාපාරිකයාට. ඔහු පාඩු විඳදරා ගත යුතුයි.
එහෙත් වෙළෙන්දෝ ගසා කනවාය කියමින් පාරිභෝගිකයා මැසිවිලි නැගුවාට නීති දැඩි කරලා මිළ පාලනය කළ නොහැකිය. එහෙම වුවහොත් භාණ්ඩ විකිණිම ව්‍යාපාරිකයා අත්හැරීම සිදුවෙනු ඇත. පසුගියදා ගෑස්, කිරිපිටි, සහල් හිඟයක් ආවේ රජයේ මිළට ඒ භාණ්ඩ දෙන්න නොහැකි බැවිනි. ලෝක වෙළඳපොළෙන් හෝ දේශීය වෙළඳපොළෙන් හෝ අමුද්‍රව්‍ය හෝ ඒ භාණ්ඩ ලබාගැනීමේදී වැඩි මිලක් ගෙවන්න වෙනවා නම් ඒ අමතර වියදම පාරිභෝගිකයාගෙන් අය කරගන්න හෝ රජයේ සහනයක් හෝ ගන්න වීම අනිවාර්යයක්.
ඒක කොහොම වුණත් වැඩි මිලට හරි භාණ්ඩ ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට තිබිය යුතුයි. පෝලිම් යුගයකට නැවත යන්න කවුරුත් නැමැති නැහැ. අනෙක් කරණය වෙළඳපොළ සක්‍රීය නොවුණොත් ආර්ථකය එක තැන පල්වී වෙනත් අර්බුධ රැසකට මඟ පැදීමේ අවධානමද තිබේ.
මිළ පාලනය මෙයාකාර ගැටළු සහගත තත්වයන් ඇති කළත් දේශපාලන වාසිය තකා ගැලරි චූන් කිරීමේ දේශපාලන සම්ප්‍රදාය අනුව මිල පාලනය වගේ සංදර්ශන හැම ආණ්ඩුවක්ම හැමදාම කර තිබේ. ඒවායේ බරපතල ප්‍රතිවිපාක දැන් අපි අත්විඳිමින් ද තිබේ.
වර්තමානයේ රජය මුහුණ දෙමින් තිබෙන අර්බුද හමුවේ තවදුරටත් ගැලරි චූන් කිරීමේ දේශපාලනයට යෑමේ ඉඩකඩ ආණ්ඩුවට අහුරා තිබෙන පැහැදිලි තත්වයකි. ආණඩුව ඇත්තට මුහුණ දිය යුතුය.
භාණ්ඩයක මිල තීරණය විය යුත්තේ ඉල්ලුම සහ සැපයුම මතය. භාණ්ඩයක මිල තීරණය වන්නේ කෙසේද යන්න ගැන ආර්ථික විදයාවේ නියමයක් තියෙනවා. මේක රටේ ඉන්න ආර්ථික විශේෂඥයෝ නොදන්නවා නොවෙයි. බලෙන් මිල පලනය කරන්න ගියාම වෙන හුටපටය නොදන්නවත් නොවෙයි. එහෙත් දේශපාලනික වුවමණාවන් වෙනුවෙන් මේවා කරන්න සිදුවිය. රටක නිවැරදිව ආර්ථික ප්‍රතිපත්ති, උපක්‍රම යොදා ගන්නෙ නැතිව මේ වගේ සෙප්පඩ විජ්ජා කරන්න යෑම නිසා තමයි රටවල් ආර්ථිකව බංකොලොත් වූයේ. අපේ රටම මේකට හොඳම උදාහරණයක්.
ඉංග්‍රීසින්ගෙන් අපට උරුම වූ සුබසාධන රාජ්‍ය යාන්ත්‍රණය තවම ක්‍රියාත්මකයි. අර්බුදයන් පටන් ගත්තෙ මෙයින් අපට ගැලවීමට නොහැකිවීම මත. මේක අස්සට සමාජවාදී ආර්ථික සංකල්ප රිංගවන්න ගිහින් තව තවත් අර්බුදය අර්බුදයට ගිහින් තිබෙනවාය කියන එක වැරදි නැහැ. අපි පිළිගන්න ඕන අප ජීවත් වෙන්නෙ ධනේශ්වර ලෝකයක. අපේ සියලු ගනු දෙනු වෙන්නේ ධනේෂ්වර සංකල්ප න්‍යායන් මත.
වෙළඳපොළ හැසිරවීමේදී ධනේෂ්වර ආර්ථික න්‍යායන්ගෙන් විතැන් වෙනවා නම් ඒක පස්සෙන් තව අර්බුද ගොඩක් එනවා. මේ පෙන්වන්නේ ඒ ප්‍රතිපල. ඒ පැත්තෙයි මේ පැත්තෙයි කකුල් දෙක තියාගෙන අපිට ගමනක් යන්න බෑ. අපි තෝර ගත්තු ආර්ථික න්‍යායක් තියෙනවා නම් ඒ තුළ නිවැරදිව අවංකව සිටිය යුතුයි.
ඒත් ඒවා කොහොම වුණත් මිල පාලනය අත් හැරිය ගමන් භාණ්ඩ මිල එකපාරටම ඉහළ යනවා. ජීවන වියදම ඉහල යනවා කියා කෑගහන පිරිස් මේ දින වල සක්‍රියය.
නමුත් එය තාවකාලිකය. රජය කළ යුත්තේ වෙළඳපොළ තරගකාරිත්තවයට අවශ්‍ය සියලු පහසුකම් සපුරා දීමය. එනම් වෙළඳ පොළ ලිබරල්කරණය කිරීමය. ඒ හරහා තරගකාරිත්වය මත ගුණාත්මක භාණ්ඩ පාරිභෝගිකයාට ලැබෙනවා පමණක් නොවෙයි, වෙලඳ පොළ විසින්ම මිල පාලනය කිරීමද සිදුවේ. හිතු හිතු ගන්න වලට භණ්ඩ මිළ ඉහළ යැවිය නොහැකිය. නැග්ග බඩු මිල ස්ථාවර මට්ටමකට අඩු වීම සිදුවෙනු ඇත.
වෙලඳ පොළ නිර්බාධී තත්වයෙන් තිබිය යුතූයි. නමුත් මේ වෙළඳ පොළ මත යැපෙන්න නොහැකි ජනතාවක් ද මේ ආර්ථික ක්‍රමය තුළ බිහිවීම අනිවාර්යයක්. රජයේ කාර්යභාරය වන්නේ ඔවුන්ව බලාකියා ගැනීමය. ඔවුන්ව නගා සිටුවීමය. ඒ සමාජ ආරක්ෂණය රජයේ වගකීමක්. පොදුවෙ ජනතාව රජයට බදු ගෙවන්නේ ඒවාටත් එක්ක. එහෙත් සමාජ ආරක්ෂණය කියන්නේ නිකම් පිං පඩි ගෙවන්නා වාගෙ වැඩක් නෙවෙයි.
අද සමෘද්ධි වැනි සහනධාර ක්‍රමයන් නියමිත ඉලක්කයක් අරමුණක් ඔස්සෙ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒවාත් දේශපාලනික වුවණාවන් වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ඇත. රටේ ලක්ෂ 20 ක් විතර සමෘද්ධිලාබීන්, ජනගහනයෙන් සියයට 10 ක් පමණ. ඒ කියන්නෙ හැම 10 දෙනෙකුගෙන්ම එක්කෙනෙක් සමෘද්ධි ලාබියෙක්. මොන දුප්පත් රටක්ද මේක?
සමෘද්ධි වගෙ සහනාධාර ක්‍රම ක්‍රියාත්මක විය යුත්තේ ඒ ජනතාව නගා සිටුවීමේ උපාය උපක්‍රම සහිත වැඩ පිළිවෙලක් එක්ක. ඒත් හැමදාම වෙමින් පවතින්නෙ නිකම් සල්ලි බෙදල දෙන එක. ඒවායෙන් මොනවා වෙනවාද කවුරුත් දන්නේ නැහැ.
පොහොර සහනාධාර ගැන ගත්තත් කතාව ඒකයි. මේවා රජයට අනවශ්‍ය බරක් විතරයි. රටේ ආර්ථික වර්ධනයට මේවා දායක වෙලා තියෙනවා කියල මොනම විදිහකටත් පෙන්වා දිය නොහැකි දේවල්. වාර්ෂිකව රාජ්‍ය ආදායමට කොතරම් පාඩුවක් එකතු කරගෙන තියෙනවද? ඒවා දැන් ට්‍රිලියන් ගනනින් ගනන් කරන්න පුලුවන් ඇති. ඇත්තම දේ වී ගොවියාගේ ඡන්ද ගොඩ බදාගැනීමේ ඇත්ත වුවමණාව විතරයි මේවයේ තිබුණේ.
- the novemberist