ආණ්ඩුව ත්‍රීවීල් මීටරය අනිවාර්ය කරමින් ගත් තීරණය නියමයි ! Featured

Monday, 18 October 2021 11:54

අද වන විට ඉතා සංකීර්ණ සහ වේගවත් ජීවන රටාවකට ජනතාව අවතීර්ණය වී සිටීම නිසා රටක යටිතල පහසුකම් ඉහළ මට්ටමක නොතිබුණහොත් එය රටේ සංවර්ධනයට බාධාවක් වීම නොවැලැක්විය හැකියි.

විශේෂයෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය අතිශයින්ම වැදගත්ය. උසස් මහා මාර්ග පද්ධතියක් මෙන්ම විශිෂ්ට පොදු ප්‍රවාහන පද්ධතියක් රටකට තිබිය යුතුමය. එහෙත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්වය හොඳ තැනක නැත.
මේ දුර්වලතා නිසා අපේ රටේ ජනතාව ඊට පිළියම් ලෙස යොදා ගත්තේ ඕනෑම තැනකට පහසුවෙන් රිංගා යෑමට හැකි ත්‍රීරෝද කුළි රථ භාවිතයයි .

හදිසි යෑම් ඊම් වෙනුවෙන් මාර්ගයට පිවිසෙන ඕනෑම පුද්ගලයෙකුට තම අවශ්‍යතාවය ඉක්මනින් ඉටු කර ගැනීම සදහා කුලී රථයක් ගෙන්වා ගැනීම වර්තමානයේ මෙරට පුද්ගලයන්ට ස්වභාවික පුරුද්දක් වී තිබෙනවා කිව්වොත් නිවැරදිය.
බස් රථවල තෙරපි පැය ගණන් වැය කරනවාට වඩා කුලී රථයක් ගෙන්වා ගනිමින් තම ගමන පහසු කරගැනීම ලංකාවේ කොළඹ අගනගරයේ මෙන්ම සෙසු නගර ගම් දනව් වලද මෙම තත්වය නිරන්තරයෙන් දැකිය හැකිය.

එහෙත් මෙහි ප්‍රගතියට සමානව ඒ ආශ්‍රිත දීර්ඝකාලීන සහ කෙටිකාලීන වශයෙන් විවිධ ගැටලුවලට දැන් දැන් මුහුණ පෑමට සිදු වන්නේ එහි පුළුල් බවත් සමගිනි.

වර්තමානයේදී මෙම කුලී රථවලින් බහුලව භාවිතා වන්නේ ත්‍රිරෝද කුළී රථ සේවවායි. මේ වන විට මිලියනයකට වැඩි ත්‍රිරෝද කුළී රථ මහ මාර්ගයෙහි මේ මොහොතේත් ඇත. මිලියනයක් පමණ දෙනාගේ ආදායම් මාර්ගය මෙන්ම තවත් මිලියන කිහිපයක යැපීම් මාර්ගය වන්නේ මේ ත්‍රීරෝද රථයයි. මෙම සේවාව මෙරට ආර්ථිකය පැත්තෙන් ගත් විට කිසිසේත්ම නොසලකා හැරිය නොහැකි වැදගත් සේවයකි. කොහොම නමුත් මේසා විශාලව පවතින මේ ත්‍රී රෝද කුළි රථ සේවය පදනම් කරගෙන රටට මුහුණ දෙන්න සිදුව තිබෙන නරක තත්වයන්ද නැතුවා නොවේ.

මේ නිසා මේ සේවාව නියාමන කිරීම රජයේ වගකීමක් බවට පත්ව තිබේ. කුලී රථකරුවන් මෙන්ම මඟියාවද ආරක්ෂා වන ලෙස මේ සේවය විධිමත් වගකීම් සහගත ක්‍රමවේදයක් මත පවත්වා ගැනීම සිදුවිය යුතුය.

1978 වසරේ සිට සිමාවකින් තොරව ත්‍රිරෝද රථ මෙරටට ගෙන්වුවද මේ වන තෙක් ඒවා නියාමනය හෝ පාලනය කිරීමට මෙතෙක් පැවති කිසිදු රජයක් විධිමත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. විටින් විට ඒවා පාලනය කිරීම උදෙසා ගත් ක්‍රියා මාර්ගයන්ද නිසි පරිදි ක්‍රියාවේ යෙදුනේ නැත.

කොහොම නමුත් මඟියාගේ පැත්තේන් බැලු විට නිරන්තරයේන් සිදුවන අසාධාරණයක් වී තිබෙන්නේ ත්‍රිරෝද රථකරුවන් අය කරන සේවා ගාස්තු හිතුමනාපේ තීරණය වීමය.

පවතින කොවිඩ් වසංගතයත් සමග ජනතාව බහුල වශයෙන් කුලී රථ වලට යොමු වී ඇති බව දැක ගත හැකිය. ඒ තම සෞඛ්‍ය ආරක්ෂාව උදෙසාත්, සංචරණ සිමා හේතුවෙන් පොදු බස්රථ සේවා ක්‍රියාත්මක නොවුන නිසාත්ය. එම නිසා ඇති අය මෙන්ම නැති බැරි ජනයාද අමාරුවෙන් හෝ තම අවශ්‍යතා සදහා කුලී රථයකට මුදල් ගෙවීමට සිදු විය. මෙම අභියෝගාත්මක වියසනකාරී අවස්ථාවෙන් ඇතැම් කුට කුලී රථ රියදුරන් අසරණ ජනතාවගෙන් වැඩියෙන් මුදල් අය කර ගැනීමද නිරන්තරයෙන් මෙරට තුල සිදු විය. ඇතැමුන් මිරටයක් සවි කොට තිබුණද එය ක්‍රියාත්මක නොකර අසාධාරණ ලෙස මඟියාගෙන් මුදල් උපයුවේය. එමෙන්ම මීටරයේ ගනන් වැඩි කර අය කළේය. මීට කලකට පෙර සම්මත මිළ ගනන් යටතේ මීටරය අනිවාර්ය කිරීම් ගැන නියමයන් පැන වූවද ඒය නිසි පරිදි නියාමනය කිරීමක් එවකට පැවති රජයේ පාර්ශ්වයෙන් සිදු වූයේ නැත. ඒසේම මීටර් සවි කිරීම කොළඹ ප්‍රදේශයේ වැඩි ප්‍රමාණයකටත් වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව සුළුවෙනුත් දකින්නට ලැබුණත් නගරයෙන් ඈත් වෙන්න වෙන්න මීටරය දකින්න ලැබුණේම නැත.

එහෙත් වත්මත් රජය කුලී සේවාවල යෙදෙන සියලුම ත්‍රීරෝද රථ සදහා මීටර් සවි කිරීම අනිවාර්ය කිරීමට මේ වන විට තීරණය කර තිබේ. මෙය ලබන වසරේ සිට අකුරටම ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය දැඩි තීන්දුවක සිටී.

මීට අදාළ නියෝගය 2017 වසරේ දී නිකුත් කර ඇතත් එම නියෝගය හරි ආකාරයෙන් ක්‍රියාත්මක නො​වේ. මේ වන විට එම නීතිය තදින්ම බලාත්මක කරමින් නිවේදනයක් සූදානම් කර තිබෙන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශ දැනුම් දී ඇත.

එමෙන්ම මීටර් සවිකර ගැනීම සඳහා ජනවාරි මාසයේ සිට ජූනි මාසය දක්වා සහන කාලයක් ලබාදීමටත් ,ජූනි 01 වැනිදායින් පසු මීටර් නොමැතිව ධාවනයේ යෙදෙන කුලී ත්‍රීරෝද රථ සඳහා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමටත් පොලිසියට උපදෙස් ලබාදෙන බවත් එම අමාත්‍යාංශය සදහන් කර තිබේ.

පිඩාවට පත්ව සිටින ජනතාව තවත් පිඩාවට පත් නොකර වත්මන් ආණ්ඩුව ගත් මෙම තීරණය කුලී රථ රියැදුරන්ට සාධනීය සාධාරණ සේවයක් ලබාදීමටත් හැකිවන පරිදි ගත් හොඳ තීරණයක් බවත් ,එය ඇගයිය යුතු තීරණයක් බවත් අවසාන ලෙස සදහන් කළ යුතුය.

-පංචාලි

Last modified on Monday, 18 October 2021 11:59

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us