අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ නැවත ඇරඹීමට සහන !

Published in පුවත්
Friday, 29 October 2021 15:12

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර එකහමාරකට පමණ ආසන්න කාලයක් පුරා අකර්මන්‍ය වූ පෞද්ගලික බස් රථ කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහා එම බස් රථ හිමියන්ට ලබාදිය හැකි සියලුම සහනයන් ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය, ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතාට සහ අදාළ නිලධාරීන්ට උපදෙස් දෙන ලදී.

පෞද්ගලික බස් රථ හිමියන් සමඟ ප්‍රවාහන අමාත්‍යංශයේ දී ඊයේ (28) දින පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරිය නිලධාරීන්හට මෙම උපදෙස් ලබා දී ඇත.

මෙහිදී පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ නියෝජිතයින් අමාත්‍යවරිය වෙත කරුණු දක්වමින් කියා සිටියේ,

 බස් රථ සඳහා වන ලීසිං ණය වාරික ගෙවීම සඳහා සහනයක් ලබාගැනීමට අමාත්‍යාංශයේ මැදිහත්වීම.
 මාර්ග බලපත්‍ර ගාස්තු ගෙවීම සඳහා සහන කාලයක් ලබා දීම.
 බලපත්‍ර රහිතව ආයතන සේවකයන් ප්‍රවාහනය කරන මුවාවෙන් මගී ප්‍රවාහනය කිරීම නැවැත්වීම.
 ලංගමය සඳහා අන්තර් පළාත් ධාවනයට අවසර දී ඇති බැවින් එම අවසර ලබාදීමේ ක්‍රමවේදය ඒ්කාබද්ධව සකස්කර පෞද්ගලික බස් ධාවනයටද අවස්ථාව ලබාදීම යන කරුණුයි.

මෙහිදී කරුණු දක්වමින් අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ මාර්ග බලපත්‍ර නොමැතිව කාර්යාල සේවා නමින් ධාවනය වන බස්රථ සඳහා නීතිමය කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

එමෙන්ම අදාල ඉල්ලීම් තමා වෙත ලිඛිතව ලබාදෙන ලෙසත් මේ සඳහා උපරිම සහනයක් ලබාදීමට තමා කටයුතු කරන බවත් කිසි විටෙකත් පෞද්ගලික බස් කර්මාන්තයේ බිද වැටීමට ඉඩ නොදෙන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යංහ ලේකම් මොන්ටි රණතුංග මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා, පෞද්ගලික බස්රථ සංගම් නියෝජිතවරුන් පිරිසක් ද පිරිසක් සහභාගී විය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us