රතු බිල නොගෙවුවොත් විදුලිය කපනවා - විදුලිබල ඇමැති  

Published in පුවත්
Friday, 29 October 2021 11:24

මාස ගණනාවක් තිස්සේ එක දිගට විදුලි බිල්පත් නොගෙවා සිටින පාරිභෝගිකයන් වෙත රතු බිල්පත නිකුත් කර තව දුරටත් ගාස්තු ගෙවීම් පැහැර හරින අයගේ විදුලි සම්බන්ධතාව නතර කිරිමට තීරණය කර ඇතැයි විදුලිබල ඇමැති ගාමිණි ලොකුගේ මහතා පැවසීය.

කොරෝනා වසංගතයත් සමඟ ආදායම් අහිමිවීම සැලකිල්ලට ගෙන විදුලි බිල්පත් ගෙවීම සඳහා යම් කිසි සහනයක් දීමට රජය තීරණය කර මුත් මාසික බිල්පත ගෙවීමට හැකි පිරිස පවා එක දිගටම එය පැහැර හැරීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බව ඒ මහතා කීවේය.

ඉකුත් මාස කිහිපයේදි වරින් වර විදුලි බිල්පත් ගෙවා ඇති පාරිභෝගිකයන්ගේ විදුලිය විසන්ධි නොකරන බවත් එක දිගටම බිල්පත් ගෙවීම් පැහැරහැර ඇති අයගේ විදුලි සම්බන්ධතාව අකමැත්තෙන් වූවද තාවකාලිකව විසන්ධි කිරීමට සිදු වී ඇතැයි ඒ මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් විදුලි විසන්ධි කිරීමට පෙර රතු බිල්පත් නිකුත් කරන බවද ඇමැතිවරයා තව දුරටත් සඳහන් කළේය.

 

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us