කොල්ලුපිටිය නව වෙළඳ පරිශ්‍රයේ වැඩ කඩිනම් කිරීමට අගමැතිගෙන් උපදෙස් !

Published in පුවත්
Thursday, 28 October 2021 09:25

ආයෝජකයන් දිරිමත් කරමින් මන්ත්‍රීවරුන් හා නිලධාරින් සියලු දෙනා එක්ව කොල්ලුපිටිය නව වෙළඳ පරිශ්‍ර ව්‍යාපෘතිය කඩිනම් කරන්නැයිඅගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.


අගමැතිවරයා මේ බව සදහන් කළේ කොළඹ මහා නගර සභාවේ පක්ෂ නායක හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැති අවස්ථාවේදිය.
දැනට කොල්ලුපිටිය වෙළඳපොළ පවතින ස්ථානයේ නව වෙළඳ පරිශ්‍රය ඉදිකිරීමට යෝජිතය. ඊට අදාළ යෝජිත ව්‍යාපෘතියක් පසුගිය මාර්තු 12 වැනිදා එළිදැක්විණි.

නාගරික සංවර්ධන අධිකාරිය, කොළඹ මහා නගර සභාව සහ ඒ සඳහා තෝරාගන්නා ආයෝජකයකු එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙසේ හඳුනාගත් ව්‍යාපෘති තව දුරටත් කල් දැමීම වෙනුවට දැනට පවතින ගැටලු සාකච්ඡා කරමින් මන්ත්‍රීවරුන්ගේ හා නිලධාරීන්ලේ එකඟත්වය ඇතිව ආයෝජකයන් දිරිමත් කරන්නැයි අගමැතිවරයා මෙහි දී සදහන් කර තිබේ.

අදාළ නව වෙළඳ පරිශ්‍රය තුළ දැනට එහි වෙළඳාම් කරන සියලු දෙනාට කඩ කාමර වෙන්විය යුතු බව ද එහිදී අගමැතිවරයා අවධාරණය කර ඇත.

මේ අතර කුරුණෑගල මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘති සැලසුම ඇතුළත් සන්දේශය අනුමැතිය සඳහා ලබන කැබිනට් හමුවට යොමු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අගමැති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇත. ඒ, කුරුණෑගල පළාත් මහ රෝහලේ නව සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවක දී ය.

කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව 2022 අයවැය මගින් මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්වන පරිදි රෝහලේ මූලික ඉදිකිරීම් ලබන වසර මුල දී ආරම්භ කිරීමට යෝජිතය. කුරුණෑගල රෝහල ශික්ෂණ රෝහලක් ලෙස නාමකරණයට ඇති බාධා ඉවත් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහල යන්න නෛතිකව ප්‍රකාශයට පත් කරන ලෙස ද මෙහි දී සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතාට අගමැතිවරයා උපදෙස් දී ඇත .

නව රෝහල සුවිශේෂ පහසුකම් ද ඇතුළත් වන පරිදි ඉදිකිරීමට ද අගමැති උපදෙස් ලබා දදී තිබේ . රෝහලට පැමිණෙන රෝගීන්ට වෙන ම බස් සේවාවක් සහ රෝහල අභ්‍යන්තරයේ ම බස් නැවතුමක් ඉදිවීම, පළමු වතාවට රෝහලක් ආකර්ෂණීය හරිත සංකල්පය යටතේ ඉදිකිරීම, ශික්ෂණ රෝහලක් මෙන් ම ශෛල්‍ය වෛද්‍ය, ළමා රෝග හා මාතෘ සේවා සඳහා උසස් සේවා සැපයීම, කුරුණෑගල දිස්ත්‍රික්කය මෙරට වැඩි ම විහාරස්ථාන සංඛ්‍යාවක් සහිත ප්‍රදේශය හේතුවෙන් අංග සම්පූර්ණ භික්ෂු වාට්ටු පරිශ්‍රයක් ඉදිකිරීම සහ රෝහලේ සිට අධිවේගී මාර්ගයට හා දුම්රිය ස්ථානයට සෘජු මාර්ග පහසුකම් සැලසීම ඒ අතර ප්‍රධාන වේ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු දේශපාලන අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යංශය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ නාගරික සංවර්ධන අධිකාරිය එක්ව හරිත සංකල්පයට අනුව රෝහල ඉදිකිරීමට අදාළ මූලික සැලසුම සකස් කර තිබේ. පැරණි වෛද්‍ය නිල නිවස පිහිටි භූමිය හා අක්කර දෙකක් පමණ වූ ක්‍රීඩා භූමිය ඒ්කාබද්ධ කර අක්කර 04 කින් යුතු භූමිය තුළ යෝජිත නව රෝහලේ පළමු අදියරය ලෙස මහල් 10 කින් සමන්විත ගොඩනැගිලි දෙකක් ඉදිකිරීමට නියමිතය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us