රෙජිස්ටාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න -අගමැති

Published in පුවත්
Thursday, 28 October 2021 09:14

රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ට සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය.

දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් සංගමයේ සාමාජිකයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව පැවසීය.

රෙජිස්ටාර්වරුන්ට පවතින වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක මහතා මෙහි දී කරුණු ඉදිරිපත් කළේය.

වැටුප් නොමැති දීමනා ලබන රෙජිස්ටාර්වරුන් වෘත්තිය සේවාවක නිරතව සිටින බවත් තම වෘත්තිය කටයුතු පවත්වාගෙන යාමට සාමදාන විනිශ්චයකාරකම නොමැතිවීම ගැටලුවක් බවත් හෙතම කියා සිටියේය.

කොවිඩ් වසංගතය හමුවේ උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර්වරු පැය 24 පුරා සේවාවක නිරතව සිටින බව පෙන්වා දුන් දුෂ්මන්ත කරුණානයක මහතා වැටුප් නොලබන නිසා සුදුසු රක්ෂණ ක්‍රමයක් තම සාමාජිකයන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව රෙජිස්ටාර්වරුන්ට ලබා දිය හැකි සුදුසු රක්ෂණ ක්‍රමයක් ගැන සොයා බලන්නැයි ඒ මොහොතේදීම රෙජිස්ටාර් ජනරාල් ඩබ්ලිව්.එම් එම්.බී වීරසේකර මහතාට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.

කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍යතුමා දැනුම් දුන්නේය.

උප්පැන්න මරණ ලියාපදිංචියේ දී දැනට හිමිවන රුපියල් 75 දීමනාව රු.150ක් දක්වාත්, කාර්යාල ලිපි ද්‍රව්‍ය දීමනා රු.500 සිට රු.750 දක්වාත් වැඩි කිරීමටත් සේවය අවසන් කිරීමේ දී රු.50000 සිට රු.ලක්ෂ 5 දක්වා පාරිතෝෂික දීමනාවක් පිරිනැමීමත් 2022 අය වැයට යෝජනා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යතුමා මෙහි දී නිලධාරින් දැනුවත් කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us