අනුරාධපුර බඩඉරිඟු ගොවීන්ට යූරියා ටොන් 5000 ක් !

Published in පුවත්
Thursday, 28 October 2021 14:40

මේ වන විට රසායනික පොහොර තහනම් කර තිබූවද , පසුගිය කාළයේ ලංකාවට ආනයනය කර ඉතිරි වී තිබූ යූරියා මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු ගොවීන් වෙත ලබා දීමට අවශ්‍යය කටයුතු ජනාධිපතිතුමන්, අගමැතිතුමන් හා කෘෂිකර්ම අමාත්‍යයතුමන්ගේ මැදිහත්වීමෙන් සිදු වූ බව රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර පිහිටි එතුමාගේ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ජාවකදීය,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා,
ඉතාමත් සතුටු වෙනවා මේ වෙලාවේ ලංකාවේම ගොවිමහත්වරු පොහොර පිළිබඳව මහා බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා, ඒ වගේම සමහරුන්ට තිබිච්ච බලාපොරොත්තු නැති වෙලා තියෙනවා.ඒ වගේම තත්වයක් තමයි අනුරාධපුර දිස්ත්‍රික්කයේ බඩඉරඟු ගොවීන්ටත් උදාවෙලා තිබුණේ, සාමාන්‍යයෙන් අපි මහ කන්නයේදී බඩඉරඟු අක්කර එක්ලක්ෂ විසි පන්දහසක් පමණ වගා කරනවා, නමුත් මේ කන්නයේදී පොහොර ටික නොලැබෙයි ? එහෙම නැත්නම් ලැබෙන පොහොර ටික කවදා ලැබෙයිද ? ලැබෙන පොහොර ටිකෙන් හොඳ අස්වැන්නක් ගන්න ලැබෙයිද? කියලා අවිශ්වාසයෙන් තමයි පහුගිය කාළය පුරාවටම වර්ෂාව ලැබුණත් සමහරු බිම් ටික සකස් කරන්න ගියේ නෑ, මේ තියෙන සැකය නිසා, සමහරු බිම් සකස් කර ගෙන බලාගෙන හිටියා.

අපි ස්තූතිවන්ත වෙනවා සියලු දෙනාටම මේ වන විට රසායනික පොහොර තහනම් කරලා තිබුණත්, පසුගිය කාළයේ ලංකාවට ගෙනවිත් තිබූ ඉතිරි වී තිබූ යූරියා යම් ප්‍රමාණයක් තිබුණා, ඉන් මෙට්ට්‍රික් ටොන් 5000 ක් අනුරාධපුරයට නිදහස් කරන්න සියලු දෙනාගේම සහයෝගය ලබා දී තිබෙනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න බඩඉරඟු ගොවීන් වෙනුවෙන් අපි ස්තූතිවන්ත වෙනවා මේ සඳහා සහයෝගය ලබා දුන්න ජනාධිපතිතුමන්, අග්‍රඅමාත්‍යයතුමන්, කෘෂිකර්ම අමාත්‍යයතුමන් ඇතුළු අනෙකුත් සියලු දෙනාටම, කාබනික පොහොර වලින් වගා කරන්න නියමිත වෙලා තිබුණත් ඉතුරු වෙලා තිබුණ රසායනික පොහොර ටික මේ කන්නයට පමණක් වගා කිරීමට නිදහස් කිරීම පිළිබඳව ස්තූතිවන්ත වෙනවා ගොවි ජනතාව වෙනුවෙන් යැයි පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us