යහපාලනයේ තවත් ගසා කෑමක් !

Published in පුවත්
Thursday, 09 December 2021 12:22

යහපාලන සමයේදී 2015 -2019 කාලය තුළ සමෘද්ධි ව්‍යාපාරයේ අරමුදල්වලින් දේශපාලන හිතවත්කම්වලට දුන් ණය මුදල්වලින් රුපියල් හාරකෝටි දස ලක්ෂයකට (මිලියන 41.4 ) ආසන්න මුදලක් තවමත් අය කර ගෙන නැතැයි රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කර තිබේ.

පසුගිය ආණ්ඩුව දේශපාලන හිතවත්කම් මත මේ ණය දී ඇති අතර, වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව නිලධාරීන් යොදවා මේ ණය මුදල් අය කර ගැනීමට කටයුතු කළ බවත් හෙතෙම පැවසීය. රටේ වාසනාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය යටතේ වත්මන් ආණ්ඩුව බලයට පත් වූ බවත් එසේ නොවූයේ නම් මේ මුදල් සමෘද්ධි ව්‍යාපාරයට අහිමි වන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

එමෙන්ම එම වකවානුවේදි පරිගණක සහකාරවරුන් ලෙස 1,588ක් බඳවාගෙන ඇති අතර, විධිමත් ක්‍රියා පටිපාටියෙන් තොරව මේ බඳවා ගැනීම් කර ඇති බවට සමෘද්ධි ව්‍යාපාරයේ වෘත්තීය සමිති කිහිපයක් කරන ලද පැමිණිල්ලකට අනුව නඩුවක් පවතින බවද ඇමැතිවරයා කීය.

2019 වසරේදී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජාතික සභාව වෙත ඉදිරිපත් කරන ලද පත්‍රිකා මගින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව එවකට පරිගණක සහකාරවරුන් බඳවා ගෙන ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. මේ බඳවා ගැනීම් විධිමත් ක්‍රියා පටිපාටියෙන් තොරව බඳවා ගෙන ඇති බවට අනාවරණය වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර ඇති අතර, එම නඩුව මේ වන විට විභාග වෙමින් තිබෙනවා. ඒ අනුව අදාළ පරිගණක නිලධාරීන් සේවයට කැඳවීම මේ වන විට නතර කර තිබෙනවා. ඒ වන විට පත්වීම් 1,588ක් පමණ දී තිබෙනවා. ඒ වගේම මුළු ණය මුදල රුපියල් මිලියන 3003.7ක් පමණ වෙනවා. මේ වන විට අය වී ඇති ණය මුදල රුපියල් මිලියන 2962.3ක්. තවදුරටත් අය වීමට ඇති මුදල රුපියල් මිලියන 41.4ක්. එමෙන්ම සාවද්‍ය ආකාරයට ණය දී ඇති නිලධාරීන් විසින් අදාළ ණය මුදල් අය කර ගත යුතු බවට උපදෙස් දී තිබෙනවා. අය නොවන ණය වෙනුවෙන් ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරනවා යැයිද කීවේය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us