උත්සව සමයේ ඇවිදින්න නම් බූස්ටර් එන්නත අනිවාර්යයි - චන්න ජයසුමන

Published in පුවත්
Monday, 13 December 2021 12:18

උත්සව සමයේ සංචරණය කරන්නේ නම්, බූස්ටර් එන්නත ලබාගැනීම අනිවාර්ය බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

සාමූහික වශයෙන් සේවය කරන ස්ථාන, ඇගලුම් කර්මාන්තශාලා, රජයේ ආයතන, ආර්ථික මධ්‍යස්ථානවල සේවයේ නිරත වූවන් හැකි ඉක්මණින් බූස්ටර් එන්නත ලබාගන්නා ලෙසද අමාත්‍යවරයා ඉල්ලීමක් කරයි.

පුද්ගලයන් විනෝදය හෝ ආගමික කටයුතු සදහා සංචරණය කිරීම නීති රීති පනවා නැවැත්වීම අසීරු බැවින් ඒ වෙනුවෙන් රජය පාර්ශවයෙන් කළ හැකි හොඳම දෙය නම්, බූස්ටර් එන්නත ලබාදී ජනතාවගේ ප්‍රතිශක්තීකරණය නැවත තහවුරු කිරීම බවත් පැවසීය.

බූස්ටර් එන්නත ලබා නොගෙන සාමූහික ඒකරාශීවීම් සහ විනෝද කටයුතු සිදුකළහොත් කොවිඩ් සුනාමියකට ලෑස්ති විය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us