'සුරකිමු ගංගා '' තවත් ඉදිරියට !

Published in පුවත්
Monday, 13 December 2021 12:09

සුරකිමු ගංගා ව්‍යාපෘතිය යටතේ, 2022 වසරේ පළමු කාර්තුව තුළ රුපියල් මිලියන 500ක ව්‍යාපෘති අවසන් කිරීමට කටයුතු කරන්නැයි පරිසර ඇමැති මහින්ද අමරවීර මහතා එම අමාත්‍යංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

මෙම වැඩපිළිවෙළ සඳහා ඉදිරි වසරට රුපියල් මිලියන 2000ක මුදලක් රජය මගින් වෙන් කර ඇති අතර මෙම මුදල් උපරිම වශයෙන් යොදා ගනිමින් ගංගා පද්ධතිය සංරක්ෂණය කිරීම සඳහා නව ව්‍යාපෘති යෝජනා කරන ලෙසද ඇමැතිවරයා නිළධාරින්ගේන් ඉල්ලීමක් කර තිබේ.

සුරකිමු ගංගා වැඩ සටහන යටතේ ලබන වසරේ දී ක්‍රියාත්මක කළ යුතු ව්‍යාපෘති හඳුනාගැනීම පිළිබඳ පැවැති සාකච්ඡාවකදී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.

'මෙවර අයවැය මගින් පරිසර අමාත්‍යංශ සඳහා විශාල වශයෙන් මුදල් වෙන් කිරීමට රජය කටයුතු යොදා ඇති අතර මෙම මුදල් කාර්තු හතරකට බෙදා එක් එක් කාර්තුව තුළ වියදම් කිරීමට නියමිත මුදල් වැය කළ යුතු ව ඇත. ඊළඟ කාර්තුවට නියමිත මුදල අමාත්‍යංයට ලැබෙන්නේ මුල් කාර්තුවේ මුදල් සම්පූර්ණයෙන්ම වැය කළහොත් පමණකි. එමනිසා අදාල කාර්තුවට වෙන් කරන ලද මුදල් අනිවාර්යයෙන්ම ඒ ඒ ව්‍යාපෘති සඳහා වැය කළ යුතු බව ඇමැතිවරයා මෙහිදී අමාතයංශ නිළධාරින්ට පෙන්වා දුන්නේය.

''අපි මේ වසරේ කැලණි, වළවේ හා මැණික් යන ගංගා සඳහා ප්‍රමුඛත්වය ලබා දිය යුතුයි. අනෙක් ගංගාවන් ආශ්‍රිත ව්‍යාපෘති සඳහා මුදල් ප්‍රතිපාදන ලබා දෙනවා. නමුත් කැලණි ගඟ පිරිසිදු කිරීමේ කටයුතුවලට ප්‍රමුඛත්වය ලබා දිය යුතුයැයි'' ද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමත් සමඟ ආර්ථික ප්‍රතිපත්තිය කිසියම් වෙනසකට භාජනය විය. සංවර්ධනයේදී වඩා ප්‍රමුඛතාව ලබාදිය යුතු දේ කෙරෙහි අවධානය යොමු කෙරිණ. ශ්‍රී ලංකාව තුළ මේතාක් විවිධ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද රටේ ජීවනාලිය බඳු ගංගා ද්‍රෝණි සංරක්ෂණය සඳහා කිසිදු වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වී නොතිබුණි. 2020 වර්ෂයේ මේ පිළිබඳව අවධානය යොමු කළ වත්මන් රජය "සුරකිමු ගංගා නමින්" ව්‍යාපෘතියක් ආරම්භ කළේය .ඒ අනුව ඕනෑම අයේකුට බියකින් තොරව පිරිසිදු ජලය පානය කළ හැකි මට්ටමට ගංගා ද්‍රෝණි පත් කිරීමට වැඩ පිළිවෙළක් සකස් කෙරිණි.

ඒ අනුව 'සුරකිමු ගංගා ව්‍යාපෘතිය' යටතේ සියලු ගංගා ද්‍රෝණි පවිත්‍ර කර, නැවත එහි ජලය ‍අපවිත්‍ර නොවීමට ගත හැකි සියලු පියවර ගැනීම සඳහා අමාත්‍යාංශ ඊට සම්බන්ධ සියලු අමාත්‍යාංශ ඒකාබද්ධ වූ වැඩපිළිවෙළක් දියත් කෙරිණ. මේ සඳහා කමිටු තුනක් පිහිටු විය. අන්තර් අමාත්‍යාංශ ජාතික මෙහෙයුම් කමිටුව ප්‍රධානත්වය උසුලන අතර. ඊට අමාත්‍යාංශ දහහතක් සහ රාජ්‍ය ආයතන ගණනාවක් ඇතුළත් වේ. පරිසර අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය ... ඒ අතර ප්‍රධාන වේ.

කෙසේවෙතත් මෙමගින් රජයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ නිරෝගිමත් සමාජයක් බිහි කිරීමයි. මන්ද මෙරට තුළ මේ වන විටත් වකුගඩු රෝගය බරපතල ප්‍රශ්නයක් දක්වා විහිදී හමාරය..සෞඛ්‍ය අංශ පවසන පරිදි එයට ප්‍රධානතම හේතු සාධකය වී ඇත්තේ අපවිත්‍ර ජලය බොහෝ කාලයක් තිස්සේ පානය කිරීමෙන් මෙලෙස සමාජයේ වකුගඩු රෝගීන් ප්‍රමාණය ඉහළ යන බවයි. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් මත ''සුරකිමු ගංගා ''ව්‍යාපෘතිය මෙම වසර තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. එය සෞඛ්‍ය සම්පන්න සමාජයක් බිහි කිරීමට වෙනුවෙන් දැමුණු වැදගත් අඩිතාලමක් බව සදහන් කළ යුතුය.

-පංචාලි

 

 

 

Last modified on Sunday, 13 February 2022 15:04
Department of Government Information

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us