ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක් !

Published in පුවත්
Monday, 13 December 2021 10:38

වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදෙනු පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බව Economic Times පුවත් පත වාර්තා කර සිටී.

නොබෝදා දියත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව Economic Times වැඩිදුරටත් වාර්තා කර සිටී.

ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත. එමෙන්ම මේ සමඟ ඉන්දියානු ආයෝජන ද මෙරටට ලැබෙනු ඇති බවත් මේ සඳහා බැසිල් රාජපක්ෂගේ සංචාරයේදී එකඟ වූ බවත් මෙම වාර්ථාවේ සඳහන්ය.

ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවේදී ආර්ථික සහයෝගීතා අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික සබඳතාවයට අදාළ අන්‍යෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු රාශියක් කෙරෙහි අවධානය යොමු වී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us