කන්ටේනර් 1,000ක් වරායේ සිරවෙලා නෑ.. ආර්ථිකය වට්ටන බොරු ප්‍රචාරයක් - කබ්රාල්

Published in පුවත්
Tuesday, 14 December 2021 10:30

කන්ටේනර් 1,000ක් වරායේ සිර වී ඇතැයි ව්‍යාජ මතයක් සමාජගත කිරීම පිටුපස රට ආර්ථික වශයෙන් අස්ථාවර කිරීමේ කුමන්ත්‍රණයක් පවතින්නේදැයි බරපතළ සැකයක් මතුවන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

ඩොලර් හිඟයක් හේතුවෙන් වරායන් තුළ කන්ටේනර් සිර වී ඇතැයි මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහබැංකු අධිපතිවරයා පවසයි.

භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ඉල්ලුමට අවශ්‍ය ලෙස සැපයීමට ශ්‍රී ලංකා මහබැංකුව මේ වන විටත් පියවර ගෙන ඇති බවත් දෛනිකව වරාය පිවිසුමෙන් පිටව යන කන්ටේනර් ප්‍රමාණයෙන් එය සහතික කර ගත හැකි බවත් අධිපතිවරයා කීවේය.

රටේ ආර්ථික අර්බුදයක් හටගෙන ඇති බවට ව්‍යාජ මතයක් ගොඩනඟා ඒ ඔස්සේ රටට ආයෝජකයන් සහ භාණ්ඩ හා සේවාවන් පැමිණීම වැළැක්වීමේ අරමුණින් මෙවැනි ක්‍රියා සිදු කරන බවට විශ්වාස කළ හැකි බවද අධිපතිවරයා පැසීය. ව්‍යාජ දත්ත සහ තොරතුරු මාධ්‍යයට දෙමින් රට අස්ථාවර කිරීමට කටයුතු නොකර වරායන් තුළ කන්ටේනර් සිරවී ඇත්නම් ඒ සිරවී ඇති කන්ටේනර් මොනවා දැයි චෝදනා කරන පාර්ශ්වයන් නිෂ්චිතව කරුණු දැක්විය යුතු බවද අධිපතිවරයා කීවේය.

-දිනමිණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us