මේ වසරේදී ලංකා ලුණු සමාගමට කෝටි 17ක ශුද්ධ ලාභයක් !

Published in පුවත්
Tuesday, 14 December 2021 11:03

යහපාලන සමයේදී රුපියල් කෝටි 350 අලාභයක් සහිතව පවත්වාගෙන ගිය ලංකා ලුණු සමාගම 2021 වසරේදී රුපියල් කෝටි 17කට අධික ශුද්ධ ලාභයක් උපයාගෙන තිබේ.

වසර 2019 වන විට පවත්වාගෙන ගිය බැංකු අයිරා පොලිය මසකට මිලියන 2ක බැගින් ගෙවා දැමීමට ද පාලනාධිකාරිය කටයුතු කර තිබෙන අතර මේ වන විට සියලු බැංකු අයිරා පියවා රුපියල් මිලියන 250ක් බැගින් වූ ස්ථාවර ගිණුම් ආරම්භ කර රුපියල් ලක්ෂ 25කට වැඩි පොලී ආදායමක් හිමි කර ගැනීමට ද ලුණු සංස්ථාව සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවේ ලුණු අවශ්‍යතාවයෙන් 60% - 65%ත් අතර ප්‍රමාණයක් අලෙවි කරනු ලබන්නේ ලංකා ලුණු සමාගමයි. වාර්ෂිකව ලුණු අලෙවිය මෙ.ටොන් 60,000ක් පමණ වන අතර කර්මාන්ත ලුණු, කැට ලුණු හා මේස ලුණු යන ලුණු වර්ග කීපයක්ම මෙහි නිෂ්පාදනය කරනු ලැබේ. තත්ත්වයෙන් උසස් මෙම ලුණු හඳුන්වනු ලබන්නේ ‘ලක්ලුණු’ යන නමිනි.

මේ වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සමාගමේ ලුණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 56033කි. 2021 වර්ෂය තුළ නිෂ්පාදන ඉලක්කය මෙට්‍රික් ටොන් 63253කි. මේ අනුව මාස නවයක කාලයක් තුළ වාර්ෂික නිෂ්පාදන ඉලක්කය සියයට 113කින් සපුරා ගැනීමට සමත්ව තිබිණි.

හම්බන්තොට ලුණු ලේවාය මුල්කාලීනව සම්පූර්ණයෙන් රජය සතු සංස්ථාවක් වූ අතර 1997 වර්ෂයේ දී මෙය විදේශ සමාගමකට පවරා පෞද්ගලිකකරණය කිරීමට එවක චන්ද්‍රිකා පාලනය විසින් තීරණය කරනු ලැබුවද එදා කම්කරු අමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මැදිහත් වී එය වලක්වා ගනු ලැබීය. ඒ අනුව ඔහු යටතේ වූ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට මෙම ලුණු සමාගම පවරා ගනු ලැබීය. 1997 ජනවාරි 24 වැනි දින රුපියල් මිලියන 471කට මුදල් අමාත්‍යාංශය සතුව තිබූ කොටස්වල අයිතිය පවරා ගන්නා ලද අතර ඉන් සියයට 90ක් සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයට අයිති වූ අතර සියයට 10ක් එවකට සිටි සේවකයින්ට අයිති විය. 1997 සිට මේ දක්වා 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි සමාගමක් ලෙස ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන අතර විගණකාධිපතිතුමාගේ සුපරීක්ෂණයට යටත්ව විගණන කටයුතු සිදුවේ.

එදා මහින්ද රාජපක්ෂ මැදිහත් නොවෙන්න අද මෙය විදේශ රටකට අයත් සමාගමකි. රටට ලැබිය හැකිව තිබූ ආදායම් විදේශ රටකට හිමිවන්න ඉඩ තිබිණි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us