කෘෂි භෝග අපනයනයෙන් ඉතිහාසයේ ප්‍රථම වරට මිලියන ලක්ෂයක් ඉක්මවූ ආදායමක් !

Published in පුවත්
Wednesday, 15 December 2021 10:24

කෘෂි භෝග අපනයනයෙන් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉතිහාසයේ ප්‍රථම වරට රුපියල් කෝටි දසදහස (මිලියන ලක්ෂයක්) ඉක්මවූ ආදායමක් මේ වසරේදී උපයා ගෙන තිබේ.

උක්, බඩඉඟුරු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කෘෂි භෝග අපනයනයෙන් මෙම ආදායම හිමි කර ගෙන ඇත.

උක්, බඩඉඟුරු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතනයන්හි 2021 වසර සඳහා ප්‍රගති සමාලෝචනය හා 2022 වර්ෂය සදහා වන ඉදිරි සැලසුම් පිළිබඳ පැවැති සාකච්ඡාවේදී පෙරේදා (13) මේ බව අනාවරණය විය. 2019 වසරේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ භෝගවල අපනයන ආදායම රුපියල් මිලියන 63,000ක් විය. මේ වසරේදී මිලියන ලක්ෂය ඉක්මවූ අදායම 2025 දී මිලියන ලක්ෂ දෙකක් දක්වා දෙගුණයකින් වැඩි කිරීමට අරමුණු කරන බව කුඩා වැවිලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමැති ජානක වක්කුඹුර පැවසීය. එම ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක බවත් කුරුඳු වගා කරන පවුල් 50000 සහන සැලසීමට අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවත් කීවේය.

ගම්මිරිස් ගොවීන් දෙලක්ෂ පනස් දහසකට සහන සලසා ඇති බවත්, නව ව්‍යසායකයන් නිර්මාණය කිරීමේ කාර්යයට කෘෂි අපනයන කලාප හඳුන්වා දීමට පියවර ගෙන තිබෙන බවත් කීවේය. සීනි නිෂ්පාදන ඉහළ දැමීම සඳහා පියවර ගෙන තිබෙන අතර කජු ඇතුළු අනෙකුත් නිෂ්පාදන වැඩදියුණු කිරීමට පියවර ගෙන තිබෙන බවත් පැවසීය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us