ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් විශේෂ වැඩසටහනක් !

Published in පුවත්
Wednesday, 15 December 2021 10:32

පවතින තත්ත්වය හමුවේ මෙරට ආර්ථිකය ස්ථාවරත්වය තහවුරු කරමින් සංවර්ධනය පවත්වා ගැනීම සම්බන්ධයෙන් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේ දී පවත්වා තිබුණි.

රට තුළ ආහාර සුරක්ෂිතාව පවත්වා ගැනීම, දේශීය කෘෂිකර්මාන්ත සංවර්ධනය, නිෂ්පාදනය පුළුල් කිරීම, අපනයනය වර්ධනය සහ ආයෝජන වැඩිකර ගැනීම යන කුරුණු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුව තිබේ.

අදාළ වැඩසටහන සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා පැහැදිලි කිරීමක් කර ඇත,

"මෙවර අයවැය යෝජනා අනුව විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලටත් විශාල මුදල් ප්‍රතිපාදන වෙන් වෙලා තියෙනවා. ග්‍රාමීය මට්ටමින් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව ව්‍යාපෘති ඉතාමත්ම හොඳින් සංවිධානාත්මකව විශේෂයෙන්ම ඉලක්ක කාලවකවාණු අනුව ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදෙස් තමා අද මුදල් අමාත්‍යවරයා විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ටත් ඒවගේම අමාත්‍යාංශ ලේකම්වරුන්ටත්, රාජ්‍ය ලේකම්වරුන්ටත් වගේම විශේෂයෙන්ම දිස්ත්‍රික්ක සංවර්ධන කමිටු සභාපතිවරුන්ටත් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරුන්ටත් ගරු අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් උපදෙස් ලබාදීමක් සිද්ද කරා. ඒ ඒ අමාත්‍යාංශ මට්ටමින් හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ලබන වසරේ ක්‍රියාත්මක වන වැඩසටහන් මොනවා ද යන්න ඉතාමත් ක්‍රමානුකූලව පැහැදිලි කර ඒ අනුව මුදල් වෙන්වෙන අයුරු මුදල් අමාත්‍යවරයා හා අමාත්‍යාංශවලින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට පැහැදිලි කිරීම් කළා."

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us