පාසල් සිසුන්ට නීතිය ඉගැන්වීමට යයි..!

Published in පුවත්
Wednesday, 15 December 2021 12:12

ශ්‍රිි ලංකාවේ ක්‍රියාත්මක නීතිය පිළිබඳ ඉගැන්වීම 2023 සිට පාසල් විෂය නිර්දේශයට එක් කිරීමට නියමිතය. 2023 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල සමඟ එය ක්‍රියාවට නැංවෙයි.

මෙහිදී නීතිය වෙනම විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුලත් නොකෙරෙන අතර 5 වන ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා ඉගැන්වෙන පුරවැසි අධ්‍යාපනය විෂය නිර්දේශයට එහි කොටස් ඇතුළත් කෙරෙයි. ඊට අමතරව 2023 සිට ක්‍රියාත්මක කෙරෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත විෂය ඒකක යටතේ ද ඒ සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ හැකි බව ලේකම්වරයා කියයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු අනුකමිටුව ජාතික අධ්‍යාපන ආයතනය එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව නීතිය පාසල් විෂය මාලාවට ඇතුලත් කිරීමට එහිදී එකඟත්වය පළවු බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය උපාලි එම.සේදර මහතා කියයි.

කෙසේ නමුත් මෙරට ක්‍රියාත්මක නීතිය සම්බන්ධයෙන් පාසල් දරුවන්ට අවබෝධයක් ලබාදිය යුතුය යන්න දැන් කාලයක සිට සාකච්ඡා වෙමින් පැවැති මාතෘකාවකි. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවේය යන්න නීතියේ පිළිගැනීම වී තිබෙන විට ඒ සම්බන්ධයෙන් මෙරට සෑම පුරවැසියකුම දැනුවත්ව සිටීම විය යුතුය. විනය ගැරුක, නීති ගරුක, ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩනැඟීම වෙනුවෙන් ඒ අත්‍යාවශ්‍ය තත්වයකි. නීතිය නොදන්නාකම නිසා අපරාධ කෙරෙහි යොමුවීම, ඊට බිය නොමැතිවීම මෙන්ම අයුක්ති සහගත අත්දැකීම් වලට මුහුණ දී අගතියට පත්වීම ආදී සිදුවීම් නිරන්තරයෙන් වාර්තා වෙයි. වරද නොදැන, ඒ නොදන්නාකම නිසාම වරදෙහි යෙදීමෙන් සිරගතවන්නට සිදුවීම මත මුළු ජීවිතයම විනාශ කර ගත් පුද්ගලයන් ගැනද අසන්නට තිබේ. නීතියේ ආධිපත්‍යයට සියළු පුරවැසියන් යටත් බවත්, සෑම සියළු දෙනාටම යුක්තිය, සමානාත්මතාවය හිමි බවත් ඉගැන්වෙන අධ්‍යාපන ක්‍රමයක් තුළ තවදුරටත් ශිෂ්ඨ සම්පන්න රටක් ගොඩනැගීමේ අපේක්ෂා ගොඩනන්වන්නකි.

-the novemberist

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us