සිරකරුවන්ගේ අධිකරණ කටයුතු හා අමුත්තන් හමුවීමට ඩිජිටල් පහසුකම් !

Published in පුවත්
Wednesday, 08 December 2021 09:53

බන්ධනාගාර රැඳවියන් හා සිරකරුවන් මාර්ගගත වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ අධිකරණ කටයුතු සදහා ඉදිරිපත් කිරිමත් ,අමුත්තන් මුණගැසීම ඇතුළු සේවා රැසක් සදහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීමේ වැඩසටහනක් ආරම්බ කිරීමට පියවර ගැනේ.

බන්ධනාගාර රැඳවියන්ගේ හා සිරකරුවන්ගේ ආරක්ෂාව ,නීතිවිරෝධී ද්‍රව්‍ය හුවමාරුව නතරකිරිම මෙන්ම වසංගත තත්ත්ව පාලනය පහසු කරලීම මෙහි අපේක්ෂාවයි. බන්ධනාගාර තුළ ඇති අධික තදබදයත් සිරකරුවන් අධිකරණ කටයුතු සදහා බැහැරයාමත් නිසා වසංගත තත්ත්ව පාලනයට බාදාවක් වි තිබේ.

එමෙන්ම සිරකරුවන් උසාවි වෙත ගෙනයාමේදී පැනයාමට උත්සාහ දැරීම මෙන්ම ඔවුන් ඝාතනවලට ඉලක්ක වීමත් සිරකරුවන් බැලීමට එන අමුතන් මගින් නීතිවිරෝධී ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළු වීමත් බරපතල ගැටළුවක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. වීඩියෝ සම්මන්ත්‍රණ තාක්ෂණය තුළින් ගරු විනිශ්චයකාරවරුන්ට සිරකරුවන්ගේ තත්වය පරික්ෂා කිරීමට හැකිවන අතර අධිකරණ වෙත රැගෙන යාම පාලනය වේ. එමෙන්ම අමුත්තන් මුණ ගැසීමට හා නීතිඥ උපදෙස් ලබාගැනීමට මෙම තාක්ෂණය මගින්ම හැකිවීමෙන් බාහිර පාර්ශ්ව බන්ධනාගාර වෙත පැමිණීමද පාලනය වේ.

බස්නාහිර පළාත් අධිකරණ 10 බන්ධනාගාර 4 ක මෙම පහසුකම් පළමු පියවර ලෙස සැපයේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මේ සඳහා තාක්ෂණ පහසුකම් හා උපදෙශ් ලබාදෙන අතර අමාත්‍යංශය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩසටහන ක්‍රියාවට නගනු ලබයි.

මෙම වැඩපිළිවල ක්‍රියාත්මක කිරීම සදහා වූ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අධිකරණ අමාත්‍යංශය, බන්ධාගාර දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය අතර අමාත්‍යංශ ශ්‍රවනාගාරයේදී සිදු කෙරිණ.

වසංගත අර්බුධයක් සමග සටන් කිරීමට සිදුව ඇති කාලයක් තුළ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් එයට පිළියම් යෙදීම වැදගත් කාලෝචිත ක්‍රියාවකි. මෙරට බන්ධනාගාර තුළ විශාල අර්බුධ ගණනාවක් පවතින අතර නීතිවිරෝධී ද්‍රව්‍ය හුවමාරුවද එහි ප්‍රධාන ප්‍රශ්නයක් දක්වා ඔඩුදුවා ඇත. එහෙත් මෙවැනි නව තාක්ෂනය උපයෝගී කර ගැනීම තුළින් එම අර්බුධයන් බොහෝ දුරට වළක්වාලිය හැකිය..එමෙන්ම සිරකරුවන්ගේ ආරක්ෂාව මෙන්ම එමගින් මුළුමහත් සමාජයම ආරක්ෂා වනු ඇත.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us