සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ගැටලු වලට කඩිනම් විසදුම් !

Published in පුවත්
Tuesday, 07 December 2021 10:38

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සිය ව්‍යාපාර කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ දී දැනට මුහුණ පා ඇති ගැටලු හඳුනාගනිමින් ඔවුන්ට කඩිනම් විසඳුම් ලබා දෙන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට ඊයේ (06) දින උපදෙස් දී තිබේ.

පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු කාමර අංක 07හි ව්‍යාපාරික නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දී ඇත.

වසංගත තත්ත්වය හමුවේ විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑ ව්‍යාපාරිකයන් වෙනුවෙන් තවදුරටත් ණය පමා සහන කාලයක් ලබාගැනීම සහ වෙන්දේසිකර ඇති දේපල නැවත ලබා ගැනීම පිළිබඳව මෙහි දී ව්‍යාපාරිකයෝ අග්‍රාමාත්‍යතුමාට කරුණු පැහැදිලි කර තිබේ.

භාණ්ඩ මිලෙහි නිරන්තරයෙන් සිදුවන මිල උච්ඡාවචනය හා තොග හා සිල්ලර වෙළඳාමට ඉන් සිදුවන බලපෑමත් ව්‍යාපාරිකයන්ගේ අසීමිත මිල ඉහළ දැමීම්වලින් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම කෙරෙහිත් මෙහි දී අග්‍රාමාත්‍යතුමා අවධානය යොමු කළේය.

සංචාරක ක්ෂේත්‍රය, බේකරි කර්මාන්තය, මල් පැළ තවාන්, මල් පෝච්චි කර්මාන්තය, වාහන අමතර කොටස් ආනයනය, ඇඟළුම් හා මැණික් ව්‍යාපාර, ලෝහ භාණ්ඩ නිෂ්පාදනය සහ මැනිං වෙළඳපොළ ගැටලු හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් ද ව්‍යාපාරිකයෝ මෙහිදී අදහස් ඉදිරිපත් කළහ.

අදාළ ගැටලු වලට සහන ලබා දීම කෙරෙහි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේදීම නිලධාරීන්ගේ අවධානය යොමු කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us