පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ඇරඹේ !

Published in පුවත්
Wednesday, 08 December 2021 11:27

පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ වුණා. මංගල ගුවන් යානය අද අලුයම කටුණායක ගුවන් තොටුපොළට පැමිණියා.

පෝලන්ත ගුවන් සේවයට අයත් බෝයිං 787 ගුවන් යානය එරට සිට පැමිණියේ මගීන් 230 දෙනෙකු ද රැගෙනයි. මංගල ගුවන් යානය දිවයින්ට ලගාවූ පසු ජල ආචාර පවත්වමින් හරසරින් පිළිගැණුනා. ලබන මාර්තු 31 වනදා දක්වා ශීත සෘතු කාලසීමාව තුළ මෙම ගුවන් සේවය ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර ක්‍රියාත්මකවීමට නියමිතයි. එමගින් බටහිර යුරෝපය , ස්කැන්ඩිනේවියානු රටවල් බෝල්ටික් රටවල් සහ මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ ගුවන් මගීන් ශ්‍රී ලංකාවට රැගෙන එනු ඇති. සතියට දින තුනක් එනම් අගහරුවාදා ,සිකුරාදා , ඉරිදා දිනවල පෝලන්තය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක වනවා. පැය 9 ක් ඒ සඳහා ගතවනවා. ශ්‍රී ලංකාවේ පෝලන්ත තානාපති ඇඩම් බුරකොවුස්කි සහ ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් කටුණායක ගුවන්තොටුපොළට පැමිණ සිටියා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us