ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් කිරීමට රජය කැපවී සිටි -අගමැති

Published in පුවත්
Wednesday, 08 December 2021 14:32

ශ්‍රී ලංකාව කලාපයේ ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට රජය කැප වී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරනවා.

ආසියා පැසිෆික් කලාපීය ලෝක සාගර සමුළුවේ ප්‍රධාන දේශනය ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පවත්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම සමුළුව ලබන 10 වනදා දක්වා පැවැත්වෙනවා. ලොව පුරා රටවල් නියෝජනය කරමින් දෙදහසකට අධික පිරිසක් ඊට එක්වන අතර දේශන සියයක් මේ යටතේ පැවැත්වෙනවා. නීලමූල්‍ය යාන්ත්‍රණයන් සහ ප්‍රධාන ධාරාවේ මූල්‍ය මගින් තිරසර නිල් ආර්ථිකයකට වඩා හොදින් සහාය විය හැකි ආකාරය විමසා බැලීම මෙහි ප්‍රධාන අරමුණක් බවට පත්ව තිබෙනවා. ඉන්දියන් සාගරයෙන් වටවූ දුපත් රාජ්‍යයක් ලෙස සාගරයට ගෞරව කිරීමටත් ඉන්දියන් සාගරය ආරක්ෂා කිරීමටත් විශාල වගකීමක් ශ්‍රී ලංකාවට පැවරී ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා. අන්තර්ජාතික සාගර කලාපය සංරක්ෂණය කිරීමේදී සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බව තමන් විශ්වාස කරන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පැවසුවා. නීල හරිත ආර්ථික සංකල්පය යටතේ සාගර සම්පත් තිරසර ලෙස ප්‍ර යෝජනයට ගැනීම ශ්‍රී ලංකා රජයේ ජාතික ප්‍රතිපත්තිය බවද සමුළුව අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us