සබරගමු විශ්වවිද්‍යාලයීය සිසුන් පිරිසක් සත්‍යග්‍රහයක නිරතව සිටි අට්ටාලයට ඊයේ(10) රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තබා අදාළ සිසුන්ට පහරදී පළාගොස් තිබේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය 2013 වසරේදී රුපියල් කෝටි 111 ක්‌ පාඩු බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඊයේ (10 දා) පාර්ලිමේන්තුව වෙත එවා තිබූ ලේඛනයක්‌ කියවමින් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්‍ෂකයා ලෙස පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්‍ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ.

එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.

ළමා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාධරයන් දෙදෙනකුට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කොට තිබේ.

දැරියන්ගේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ක්‍රියා කළ පාකිස්තාන් පාසල් දැරිය මලාලා යුසෆ්සායි (Malala Yousafzai) සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත කයිලාස් සත්යයාර්ති (Kailash Satyarthi) මේ දෙදෙනායි.

දාහත් දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග නිට්ටඹුව ‍හොරගොල්ලේ නිවාස සංකීර්ණයේ නිවසකට ඇතුළු වී දේපල හානි සිදුකිරිමේ සිද්ධියට සැකකරුවෙකු වන නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධන අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (09)අත්තනගල්ල අධිකරණය මගින් වරෙන්තු නිකුත් කළේය.
ශී‍්‍ර ලංකා දග පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායක පන්දුව දමා ගසන බවට ඉකුත් ජූලි මාසයේදී  චෝදනා එල්ල වුණි. 
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ සභාපති  අතර ඊයේ (09) උදෑසන රහස් සාකච්ඡාවක් පවත්වා ඇත.

La Nuit est encore Jeune(රැය තවම තරුණයි) මැයෙන් නිර්මිත ඉන්දික උඩුගම්පොළගේ ප‍්‍රථම වෘතාන්ත චිත‍්‍රපටයෙ මංගල ලෝක දැක්ම මුම්බායි අන්තර්ජාතික සිනමා උළෙලෙදි තිරගතවිමට නියමිතය.

නැගෙනහිර යුක්රේනයේදී මිසයිල ප්‍රහාරයකට ලක්ව විනාශ වූයේ යැයි පැවසෙන මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන්යානයේ සිට මියගිය 298 දෙනා අතරින් එක් අයෙකු පමණක් ඔක්සිජන් හිස් වැසිමක් පැළඳ සිටියදී හමුවූ බව නෙදර්ලන්ත විදේශ අමාත්‍යවරයා පවසයි.
දුම්රිය වැඩ වර්ජනය නිසා තැපැල් දුම්රිය ධාවනය ඇන හිටීමෙන් ඊයේ (9 ) දහවල් වන විට සාමාන්‍ය ලියුම් ලියාපදිංචි ලිපි සහ පාර්සල් ලක්‍ෂ පහකට අධික ප්‍රමාණයක්‌ බෙදාහැරීමට නොහැකිව කොළඹ මධ්‍යම තැපැල් හුවමාරු මධ්‍යස්‌ථානය ඇතුළු තැපැල් කාර්යාලවල සිරවී ඇතැයි ලංකා තැපැල් සේවා සංගමයේ ලේකම් ජයන්ත විඡේසේකර මහතා පවසයි.

Connet With Us