එම ආයතනය 2012 වසරේදී රුපියල් කෝටි 36 ක් ලාභ ලබා ඇතැයි ද කී දිනේෂ් ගුණවර්ධන මහතා 2015 දී රුපියල් කෝටි 11 ක සහ 2016 දී රුපියල් කෝටි 16 ක ශුද්ධ අතිරික්‌තයක් අපේක්‌ෂා කරන බව ද පැවැසුවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෘජු සේවකයන් 222 ක් සිටින බව ද සේවක වැටුප් සඳහා මසකට රුපියල් දෙකෝටි අසූපන් ලක්‌ෂයක් ආයතනය විසින් වැය කරන බව ද කී දිනේෂ් ගුණවර්ධන මහතා එක් සේවකයකු වෙනුවෙන් මසකට රුපියල් එක්‌ලක්‌ෂ විසිදහසක වියදමක් දරන බවද කීවේය.
සේවකයන්ගේ මූලික වැටුප් සඳහා රුපියල් එක්‌කෝටි හැත්තෑහය ලක්‌ෂයක්, වාහන නඩත්තු, ඉන්ධන සහ ගමන් වියදම් දීමනා සඳහා රුපියල් ලක්‍ෂ 41 ක්, ආහාර සහ විශේෂ දීමනා වෙනුවෙන් රුපියල් ලක්‍ෂ හතළිස් හයක්, සේවක අර්ථසාධක අරමුදල සඳහා රුපියල් ලක්‍ෂ දහඅටක්, සේවක බාරකාර අරමුදල සඳහා රුපියල් ලක්‍ෂ හතරක් ලෙස මසකට ක්‍රිකට් ආයතනය විසින් සේවකයන් වෙනුවෙන් වැය කරන බව ද දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය මැයි 31 දා දක්‌වා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ණය වාරික ලෙස රුපියල් කෝටි 4 ක්, ලංකා බැංකුවට රුපියල් කෝටි 3 ක් ගෙවා තිබෙන බව ද කී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකා බැංකුවට රුපියල් පනස් දෙකෝටි හෑත්තෑ ලක්‌ෂයක් වාරික ණය ලෙස ගෙවීමට තිබෙන බව ද කීය.
කොළඹ දිස්‌ත්‍රික් (එජාප) මන්ත්‍රි රවී කරුණානායක මහතා ඇසූ පැනයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත ලේඛනය සභාව හමුවේ තැබුවේය.
(දිවයින)
2013 දී 'ශ්‍රී ලංකා ක්‍රිකට්' කෝටි 111ක් පාඩුයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2013 වසරේදී රුපියල් කෝටි 111 ක් පාඩු බව ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඊයේ (10 දා) පාර්ලිමේන්තුව වෙත එවා තිබූ ලේඛනයක් කියවමින් ආණ්‌ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

