ජනාධිපතිවරණය ජය ගැනීම අරමුණු කරගනිමින් එජාපය විසින් පසුගිය මස (සැප්තැම්බර්) 23 වැනිදා පැවැති කෘත්‍යාධිකාරි මණ්‌ඩල රැස්‌වීමේදී සාමාජිකයන් 20 දෙනෙකුගෙන් යුතු මෙම ඉහළ පෙළේ කමිටුව පත් කර ගන්නා ලදී.
එජාප නායකත්ව මණ්‌ඩලයේ සියලුම සාමාජිකයන් ද නියෝජනය වන පරිදි පත් කර ගනු ලැබූ මෙම කමිටුවේ සභාපතිවරයා වන්නේ නායක රනිල් වික්‍රමසිංහ මහතා වන අතර ඊයේ (10 දා) එහි උපසභාපති ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා පත් කර ගෙන තිබේ.
මෙම මෙහෙයුම් කමිටුව ඊයේ (10 දා) දිනයේදී නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොතදී රැස්‌වුණු අතර ඉදිරි ජනාධිපතිවරණයේදී පක්‍ෂය ජනපතිවරණයේ සංවිධාන කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත.
මැතිවරණ ප්‍රතිපත්ති, වෙනත් පක්‍ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය ඇතුළු විශේෂ කරුණු ගණනාවක් ගැනම මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බව එජාප මන්ත්‍රීවරයෙක් පැවසීය.
මේ වනවිටත් පක්‍ෂයේ ප්‍රබලයන් අනෙක් දේශපාලන පක්‍ෂ සමග සිදු කරනු ලබන විශේෂ සාකච්ඡාවක ප්‍රගතිය සම්බන්ධව ඉතා ඉක්‌මනින් මෙහෙයුම් කමිටු සාමාජිකයන්ට දන්වන බව ද නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
මේ අතර ජනාධිපතිවරණයේදී එජාප ඡන්දපළ නියෝජිතයන් ලබන 28 දා කොළඹට ගෙන්වා පවත්වනු ලබන විශේෂ සමුළුව ගැනද මෙහිදී සාකච්ඡා වූ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
ඉදිරි ජනාධිපතිවරණයේදී එජාප ජනපති අපේක්‍ෂකයා ලෙස පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තරග කළ යුතු බවට එම පක්‍ෂයේ 'ජනාධිපති මැතිවරණ මෙහෙයුම් කමිටුව' තීරණය කර තිබේ.
එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ යෝජනාවක් අනුව මෙම තීරණය ගෙන ඇත.
Leave a comment
Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...